වාරිමාර්ග දෙපාර්තමේන්තුවට වසර 118ක් සැමරුම් දින වැඩසටහන ඊයේ (15) වාරි මාර්ග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්. ඒ. සිසිර කුමාර මහතා, රාජ්‍ය ලේකම්, කපිල ජයවර්ධන මහතා සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජි .එස්. මෝහනරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේදී පැවැත්විණ.
ඊට සමගාමීව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ සංකල්පයකට අනුව ජල ශක්ති අංශය මඟින් නිර්මාණය කරන ලද සේනානායක සමුද්‍රයේ ආදර්ශනයක් (model) දෙපාර්තමේන්තු පිවිසුම් පරිශ්‍රයේදී රාජ්‍ය ලේකම්තුමාගේ අතින් විවෘත කිරීමට කටයුතු කෙරිණි. දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවට සහභාගී වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
මොහොමඩ් ඉම්තියාස් - මැද කොළඹ විශේෂ


0 Comments