කියුබාවේ ගුවන් යානයක් කඩා වැටී මගීන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හවානා සිට ගමන් ආරම්භ කළ බොයිං 737 ගුවන් යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.
වසර 30කට කියුබාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය ලෙසද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. අනතුරට පත්ව ඇත්තේ ගෘහස්ත ගුවන් ගමන්වලට යොදාගන්නා යානයකි.
හවානා සිට නැගෙනහිර කියුබාවේ හොල්ගුවින් වෙත ගමන් කරමින් තිබියදී මෙලෙස යානය කඩා වැටී තිබේ. යානය අනතුරට පත්වන අවස්ථාවේදී දරුවන් පස් දෙනකු සහ කාර්ය මණ්ඩලය ද ඇතුළුව 105 දෙනකු එහි සිට ඇතැයි කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගුවන් අනතුර හේතුවෙන් අද උදෑසන 6 සිට හෙට දහවල් 12 වනතෙක් ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට ද කියුබා බලධාරීහු කටයුතු කර තිබෙනවා.





from Gossip Lanka News & Video https://ift.tt/2IQ3O5v
via internet

0 Comments