Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුළු ලොවක් බලාගෙන සිටි හැරී කුමරු සහ මේගන්ගේ මර්කල්ගේ විවාහය අදයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ රාජකීය විවාහය සඳහා සියල්ල සූදානම් කර අවසන්. වින්ඩ්සර් හි සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේදී අද (19දා) දවහල් 12.00 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30 ට පමණ) මෙම රාජකීය විවාහය ආරම්භ වීමට නියමිතයි.
අද පෙ.ව.8.00 පමණ වනවිට ආරාධිත ජනතාවගෙන් පිරිසක් දේවස්ථානයෙන් පිටත තණ පිට්ටනිවල රැඳෙමින් රාජකීය යුවළ දේවස්ථානයට පැමිණෙන විට හා ඉන් පිටව යන විට ආචාර කිරීමට සූදානම් වෙයි.
එමෙන්ම, දේවස්ථානය වෙත පැමිණෙන ආරාධිතයන් පෙ.ව. 9.30 පමණ වනවිට ඒ වෙත පැමිණීමට නියමිත අතර, ඔවුන් පෙ.ව.11.15 පමණ වනවිට දේවස්ථානයේ අසුන්ගන්නවා ඇත.

 

සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානය තුළ 600ක් පමණ වෙතැයි සැලකෙන ආරාධිතයන් පිරිස මධ්‍යයේ හැරී – මේගන් විවාහ මංගල්‍යය දහවල් 12.00 පමණ වනවිට ආරම්භ වෙතැයි සඳහන් වේ.

අනතුරුව විනාඩි 25ක පමණ කාලයක් පුරා විශේෂ අශ්ව කරත්තයක නැගී රාජකීය යුවළ දේවස්තානයේ සිට වින්ඩ්සර් නගරය හරහා තමන්ට සුබ පැතීමට පැමිණි සාමාන්‍ය ජනතාවට ආචාරය පුද කරමින් ගමන් කරනු ඇති අතර, මෙය ප.ව.1.00 ට පමණ ආරම්භ වෙතැයි කියැවේ.

අනතුරුව සවස් කාලයේ වින්ඩ්සර් මාලිගයේම සෙන්ට් ජෝර්ජ් උත්සව ශාලාවේදී විශේෂ මංගල භෝජන සංග්‍රහයක් විශේෂ ආරාධිතයන් වෙනුවෙන් මනාල යුවළද පෙරටුව දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රාත්‍රිය උදාවෙත්ම චාල්ස් කුමරුන් විසින් හැරීගේ සහ මේගන්ගේ මිතුරු මිතුරුයන් ඇතුළුව රාජකීයයන්ගේ සමීපතම මිතුරු මිතුරියන් පිරිසක් වෙත ෆ්‍රොග්මෝ හවුස් හිදී තවත් විශේෂ සංග්‍රහයක් පැවැත්වීමට සූදානම්ව සිටින බව කියයි.

1 2 3

4 5 6 7 8

9 10 11 12 13 14



from Gossip Lanka News & Video https://ift.tt/2KDysMK
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();