ඇවන්ගාර්ඩ් නඩුවේ සැකකරුවන් ලෙස දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනා මැයි මස 31වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
මෙම නඩුව ඊයේ (17) නැවත කැඳවූ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේ මෙම නඩුව සම්බන්ධ පරීක්ෂණවලට මේ වන විට වසර තුනක් ගත වී ඇතත් අවසන්කොට නැති බවත් එය සැකකරුවන්ට බලවත් අසාධාරණයක් බවත්ය.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවිය වෙත ඉදිරිපත් කොට ඇති වාර්තා අතර රස පරීක්ෂණ වාර්තාවෙන් හා එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා දී ඇති ලිපියෙන් ද මෙම සිද්ධිය නීති විරෝධී නොවන බව පැහැදිලි වෙන බව පෙන්වා දුන්නේය.
මේ කරුණු ගැන සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ පරීක්ෂණ සඳහා අධික කාලයක් ගත වී ඇති නිසා මෙම පරීක්ෂණයේ අවසන් වාර්තාව තව දුරටත් පමා නොකොට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ පෙර්තමේන්තුවට දැන්විය. එසේම ඇප ලබා ගැනීම මහාධිකරණයෙන් සිදු කරන ලෙසද උපදෙස් දුන්නේය.


0 Comments