Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය සමන් වීරසිංහ ජාත්‍යන්තර කටයුතු ජනාධිපති උපදේශක

Author(s): 
මහින්ද අලුත්ගෙදර

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා වශයෙන් පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පත්කිරීම සිදුකර තිබෙන අතර ඒ පිළිබඳ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා පෙරේදා (16) වෛද්‍ය සමන් වීරසිංහ මහතා වෙත බාර දී ඇත.

ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් තිස් වසරකට වැඩි පළපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා පසුගිය 2016 වසරේ සිට 2018 වසර දක්වාම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

එම කාලයේ දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකර තිබෙන ඒ මහතා වෙළෙඳ, ව්‍යාපාරික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදී ඇත.

ඒ මහතාගේ මෙම සුවිශේෂී කාර්යභාරය සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා වශයෙන් පත්කර තිබෙන අතර පසුගිය දා ඇති වූ ශ්‍රී ලංකා තේ හා සම්බන්ධ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතාගේ නිර්දේශය මත විදේශිකයකුට ප්‍රදානය කරනු ලබන ඉහළම සම්මානය වන රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මානයෙන් ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා පිදුම් ලබා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();