Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොරණ කර්මාන්ත ශාලාවේ හිමිකරුත් රිමාන්ඩ්

පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් එහි හිමිකරු වන සරත් විජේරත්න, නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර විය.

ඒ ඊට අදාළ නඩුව හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණයට භාර වූ එහි හිමිකරු, ජේ්‍යෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අදාල රබර් කර්මාන්තශාලවේ විෂ වායුවක් ආඝ්‍රාණය වී පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු රෝහල් ගත කෙරුණේ පසුගිය 19 වනදායි.

සිද්ධියෙන් අනතුරුව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරිණි.

එහිදී අනාවරණ වූයේ එම කර්මාන්තශාලාව නිසි ආරක්ෂක විධිවිධාන වලට අනුව පවත්වාගෙන ගොස් නොමැති බවටයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();