Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහවැලි සී කලාපයේ ගොවි බිම්වලට වාරි ජලය නිකුත් කෙරේ

වාරි ජලය නිකුත් කිරිම මෙවර 2018 යල්කන්නය සදහා මහවැලි සී කලාපයේ ගොවි බිම්වලට වාරි ජලය නිකුත්කිරීම අප්‍රේල් 25දින දේශීය කෘෂි චාරිත්‍රානුකූලව සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කේ.ඒ.සී විමල් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනි.ජලය මුදා හරින්නේ උල්හිටිය රත්කිඳ මහවැලි මහ ජලාශයෙනි.ජලාශයේ වම් හා දකුණ යන සොරාව් දෙකින්ම ජලයනිකුත්කිරීමසිදු කෙරුනු අතර එම අවස්ථාවේදීම සී කලාපයේ සෑම වැවකින්ම කෙත් ඇළවල් වලට වාරි ජලය නිකුත් කිරිමටද සූදානම්කර තිබුණි

මහවැලි සී කලාපයේ වාරි ජලයෙන් වී වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටාර් 22800ක් පමණවේ.සක්‍රිය ගොවි සංවිධාන 196කි.මෙවර ජලය නිකුත් කරන්නේ 68 වන වගා කන්නය වෙනුවෙනි.මහවැලි කලාප අතුරින් ආරම්භ කළ දා සිට එක් කන්නයක්වත් අතනොහැරම වී වගාකල එකම කලාපයද මහවැලි සී කලාපයයි.

නේවාසික ව්‍යාපාර කළමනාකාර .විමල් කුමාර මහතා පැවසූ පරිදි මේ යල කන්නයේදී කුඹුරු වල බිම් ප්‍රමාණයෙන් 75%ක වී වගා කිරීමටත් 25%ක මුං, කව්පි,මෑ.සෝයා,බඩ ඉරිගු,එලවළු වර්ග වැනි අතිරේක බෝග වගාකිරීමටත් සෑම ගොවියෙක්ම දැනුවත්කර තිබේ.මෙවර මේ කලාපයේ අතිරේක භෝග වගාකිරීම තුළින් ආහාර භෝග වගා ව්‍යාප්ත කරවීමේ ජාතිකවැඩ සටහනට මහවැලි සී කලාපයෙන් දායකත්වය ලබාදීමද අපේක්ෂාවයි.විදේශ වලින් ආනයනය කරන ආහාර වර්ග බොහොමයක්ම මහවැලි කලාපයන්හි වගා කළ හැකි අතර එමගින් විදෙස් වලට ඇදීයන විශාල මුදල් ප්‍රමාණය නවතා ගැනීමටද හැකිවේ .එම වාසියෙන් කොටසක් මහවැලි ගොවියාට ලබා ගැනීමට අවස්ථාව උදාකර දීමද තවත් පේක්ෂාවකි.මේසදහා 50% මහවැලි දායකත්වය මත අතිරේක භෝග බීජ ගොවීන්ට ලබාදීමටද සූදානම්කර තිබේ.

තවද හැකි සෑම විටම කාබනික පොහොර වර්ග භාවිතයටත් කෘෂි රසායනික භාවිතය අවම කොට වසෙන් විසෙන්තොර ආහාර නිෂ්පාදනයට ගොවීන්ව උනන්දු කරලීමේ වැඩ සටහනක්ද දියත් කොට ඇත.

ගිරාඳුරුකෝට්ටේ සමූහ
සෝමදාස සමර ගුණරත්න

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();