Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නැ‍ඟෙනහිර රෝහල් වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන නැ‍ෙඟෙනහිර පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් (26 දා) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.මේ නිසා අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ රෝහල්වල සේවා කටයුතු අඩාල වී තිබුණු අතර අත්‍යවශ්‍ය රෝගී සත්කාර සේවා පමණක් සිදු විය.

මේ පිළිබද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්චාවක් අම්පාර මහ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

එහි දී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නැ‍ෙඟෙනහිර පළාත් සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය ලියනගේ මහතා මෙසේ පැවසීය.“නැ‍ෙඟෙනහිර පළාතේ වෛද්‍ය සේවාවේ ගැටලු රාශියක් පවතිනවා.ඒවා පිළිබද අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය බලදාරින් හට කරුණු පැහැදිලි කළා.නැ‍ෙඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවී දෙවරක් සාකච්චා කළා.එතුමාගේ උපදෙස් සලකා බැලීමටවත් පළාත් සෞඛ්‍ය ලේකම් හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ කටයුතු කරන්නේ නැහැ.අපි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විදියට පවතින ගැටලු වලට සාධනීය සාධාරණ විසදුම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා.නමුත් ඒවා බීරි අලින්ට වීනා වාදනයක් වෙලා.කිසිදු ඇහුම්කන් දීමක් නැහැ.වෙනත් පළාත් වල වෛද්‍යවැරන්ගේ අතිකාල දීමනා ගෙවලා තියෙනවා.අපේ පළාතේ අතිකාල දීමනා අවුරුද්දට පෙර ගෙවන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබුණා.නමුත් මේ වනකම් පළාත් ප්‍රධාන ලේකම්වරයා ඒ සදහා මුදල් වෙන් කරගෙනවත් නැහැ.

එරාවූර් රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා.නමුත් 120000 ක ජනතාවක් සිටින, වකුගඩු රෝගීන් විශාල පිරිසක් සිටින දෙහිඅත්තකණ්ඩිය රෝහලට කායික වි‍ශේෂඥ වෛද්‍යවරයෙක් නැහැ.එය උදාහරණයක් පමණයි.මේ වගේ ගැටලු රාශියක් තියෙනපවා.ඒවාට විසදුම් දෙන්නේ නැහැ.මාස ගණන් ඇද ඇද ඉන්නවා.

අපි බැරිම තැන තමයි අද මේ සංකේත වර්ජනය පවත්වන්නේ.අපි වැඩ වර්ජනය කළත් මානුෂිකව සිතා අපේ නිලධාරින් අත්‍යවශ්‍ය සේවා වල යෙදෙනවා.රෝහලේ රැදී සිටිනවා.මේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පළාත් සෞඛ්‍ය බලධාරින් වගකිව යුතුයි.ඔවුන් තමයි මේ තත්ත්වයට අපිව ඇදලා දැම්මේ.අපේ ඉලිලීම් වලට සාධාරණ විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරනවා.

මෙහි දී මහඔය වෛද්‍ය නිලධාරි සංගමයේ නියෝජිත වෛද්‍ය ඉසුරු ලක්මාල් සොයිසා,කල්මුණ අෂ්රොප් රෝහලේ වෛද්‍ය ඒ.එල්.පාරුක්,මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාහිල්,අම්පාර රෝහලේ වෛද්‍ය ගාල්ලගේ යන මහත්වරුන් ද අදහස් දැක්වූ අතර පළාතේ වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් 50කට ආසන්න පිරිසක් සහභාගි වී සිටයහ.

රවීන්ද්‍ර මැදගෙදර - අම්පාර සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();