Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිගුකාලීන විදුලි ජනන සැලැස්මට කැබිනට් අනුමැතිය

Author(s): 
චමීර ඇල්ලදෙණිය

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම යටතේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට මිශ්‍ර ජනන සැලැස්මකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ යටතේ LNG (ස්වභාවික ද්‍රවකෘත වායු) බලාගාර 03ක්, ඉන්දියාව සමඟ සහයෝගිතාවයෙන් මෙගාවොට් 500 ක්, ජපානය සමඟ සහයෝගිතාවයෙන් මෙගාවොට් 500 ක්, චීනය සමඟ සහයෝගිතාවයෙන් මෙගාවොට් 400 ක්, කොරියාව සමඟ සහයෝගීතාවයෙන් ස්වභාවික ද්‍රව වායු සංචිතයක් ඉදිරිකිරීමට සැලසුම් කර ඇත

ඉදිරියේ දී විදුලි අර්බුදයක් හෝ විදුලි අභියෝගයක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගිය (26) රුවන්වැල්ල රාජසිංහ විදවිද්‍යාලයට සූර්ය විදුලිබල කට්ටල ලබාදීමේ උත්සව අවසථාවකට සහභාගි වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සියඹලාපිටිය මහතා ..,

මේ සතිය ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ඉතා වැදගත් මෙන්ම තීරණාත්මක සතියක්. පසුගිය කැබිනට් මණ්ඩලය විසින් විදුලිබල අභියෝගය කියන වචනය ඉවත් කරන්න පුළුවන් ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා. ඒ අනුව අනාගතේ මේ රටේ ජනතාවට විදුලිබල අර්බුදය හෝ අභියෝගය කියන වචන පවා අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යවන සියල්ල පසුගිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගැනීමට ලැබීම මේ රටේ අනාගතයේ උපදින අයගේ සහ වර්ථමානයේ ජීවත්වන සැමගේත් වාසනාවයි.

ජනාධිපතිවරයා නායකත්වය දෙන ජාතික ආර්ථික සභාවෙන් අනුමත වූ මේ කැබිනට් පත්‍රිකාවේ ආකාරයට ඉන්දියාවෙන් මෙගාවොට් 500 ක්, ජපානයෙන් මෙගාවොට් 500ක් සහ චීනයෙන් මෙගාවොට් 400ක් ලබාගත හැකි ස්වභාවික ද්‍රවවායු බලාගාර සැදීමට අනුමැතිය ලැබුණා. ඊට අමතරව කොරියාව සමඟ සහසම්බන්ධවී ස්වභාවික ද්‍රව වායු ඉක්මණින් ලබාගත හැකි සංචිතයක් ඉදිකිරීමේ අනුමැතියත් එම කැබිනට් පත්‍රිකාවෙන්ම ලැබුණා. ඒ වගේම මේ රටට අවශ්‍යවන මිශ්‍ර ජනන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අනුමැතියත් අපි ලබා ගත්තා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();