Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෙල්සන් මෙන්ඩිස් කුසලානය සී.සී.සී. මෙරූන්ස් කණ්ඩායමට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල 14 වැනි වරට සංවිධාන කළ ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝගතා කුසලාන අවුරුදු 14න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට සත්කාරක සී.සී.සී විදුහලේ මෙරූන්ස් කණ්ඩායම සමත් විය.

ඔවුන් හමුවේ අවසන් තරගයේදී හෝමාගම කිංග්ෆිෂර් ක්‍රිකට් පුහුණු පාසල කඩුලු 8කින් පරාජයට පත්විය.

සී.සී.සී පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කිංග්ෆිෂර් කණ්ඩායම ඕවර 31.1කදී ලකුණු 78කට සීමාකළ මෙරූන්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී තිබියදී ජය හිමිකර ගත්තේ ඕවර 23.1ක් පමණක් වැය කරමිනි. යසිරු රොද්‍රිගෝ ලකුණු 31ක් හා සසිඳු සයක්කාර නොදැවී ලකුණු 24ක් ජයග්‍රාහී මෙරූන්ස් ඉනිමට එක් ක‍ළහ. බිඳ වැටුණු කඩුලු 2ක මලිඳු ලියනගේ ගේ පන්දු ඉදිරියේ සටහන් විය.

මලිඳු ලියනගේ ලකුණු 14ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් කිංග්ෆිෂර් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී තීරක රණතුංග හා දිනුර වනිගසේකර කඩුලු 3 බැගින් දවාගත් අතර ඩිව්යෙෂ් රාමයියා කඩුලු 2ක් දවාලීය.

තෙවැනි තැන ෆින්ගාරාට

මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා නාරාහේන්පිට එච්.ආර්. ක්‍රිකට් පාසල සමග පැවැති තරගයෙන් ලකුණු 57ක ජයක් අත්කර ගැනීමට බොරලැස්ගමුව ෆින්ගාරා ක්‍රිකට් පුහුණු පාසල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ෆින්ගාරා පිල ලකුණු 179ක් රැස්කළ අතර පිළිතුර ලෙස එච්.ආර්.පිලට ඕවර 31.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 122ක් පමණි.

ජයග්‍රාහී ෆින්ගාරා පිල වෙනුවෙන් තරිඳු හර්ෂණ (48) හා විබවිත් ඇල්ලේපොල (40) පිතිකරණයෙන්ද, කනක වික්‍රමසිංහ පන්දුවෙන්ද දස්කම් දැක්වුහ.

තරගාවලියේ වීරයා ලෙස මේරූන්ස් කණ්ඩායමේ යෙසිත් කළුපහන සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේ දිනුර වනිගසේකර අවසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. තරගාවලියේ දක්ෂතම පිතිකරු ප්‍රඩියන් සෙකියා (එන්.සී.සී. රෙඩ්), දක්ෂතම පන්දු යවන්නා ඉවන්ක කරන්නාගොඩ (පානදුර ක්‍රි.පා.), දක්ෂතම පන්දු රකින්නා තිනාල් සේනානායක (සී.සී.සී වින්ග්ස්) සහ දක්ෂතම කඩුලු රකින්නා ලෙස තීක්ෂණ අබේරත්න (එච්.ආර්.ක්‍රි.පා) සම්මාන දිනා ගත්හ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();