Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුම්බායි ඉන්දියන්ස් ජය ගනී

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 33කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 56ක් රැස් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමග පැවැති තරගයෙන් කඩුලු 8ක් මුම්බායි ඉන්දියන්ස් පිලට ගෙන දීමට සමත්විය.

පූනේ නුවර පැවැති මේ තරගයේ දී මුම්බායි පිල කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ වාරය චෙන්නායි පිලට ලබාදුන් අතර චෙන්නායි පිල ඕවර 20 නිමාවනවිට කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 169 හඹා යමින් නියමිත ඉලක්කය පන්දු 2ක් ඉතිරිව තිබියදී සපුරා ගත්තේය.

මුම්බායි පිලේ ආරම්භක පිතිකරුවන් වන සූර්යකුමාර් යාදෙව් සහ එවින් ලුවිස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 59කදී ලකුණු 69ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිලේ ඉනිම ශක්තිමත් කළ සුරේෂ් රයිනා පන්දු 47කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 75කි.

චෙන්නායි පිල - 169/5 (ඕවර 20) සුරේෂ් රයිනා නොදැවී 75, අම්බති රායිදු 46 ( මැක්ලෙනගන් 26/2)

මුම්බායි පිල - 170/2 (ඕවර 19.4) රෝහිත් ෂර්මා නොදැවී 56, එවින් ලුවිස් 47, සුර්යකුමාර් යාදෙව් 44යි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();