ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔස්ට්‍රේලියානු විවෘත කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් විය. ක්‍රීඩකයන් 9 දෙනකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට එක්වූ අතර ඔවුන් ක්‍රිලෝග්‍රෑම් 55-60 බර පන්තියෙන් රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වූහ.
එහිදී අවිඳු දිසානායක රිදී හා ලෝකඩ පදක්කමක්ද, ගවේෂ් චන්දීප හා තිනුර මාලක පෙරේරා රිදී පදක්කම්ද දිනාගත් අතර නිසල් ඩිල්මන්ත ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය. මේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද ඩයස් වික්‍රමනායක මහතා කටයුතු කළේය.


0 Comments