Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙළයේ මහා සිනමාවේදියා සමුගනියි

හෙළ සිනමාවේ පියාණන් ලෙස සැළකෙන ජ්‍යෙෂ්ඨ සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්‍රාප්ත විය.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට වයස අවුරුදු 99ක්.

1956 වසරේ දෙසැම්බර් 29 වෙනිදා රේඛාව චිත්‍රපටය තුළින් ඔහු මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේය.

ඔහු ඉතිහාසයට ඒකව සිටින්නේ චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙස ය.

සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොලු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර්ගේ සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();