Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති අමරවීරගෙන් නොදැවුණු ඉනිමක්

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ ආයතන එක්ව පවත්වන ලද සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගය ඊයේ (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනයේ දී පැවැත්විණි.

එහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් එල්ල කරමින් නොදැවී ඉනිමක් දියත් කළේය. නිලධාරින් කිහිප දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියද ඇමැතිවරයා ඕවර් 5ම නොදැවී පිටියේ රැඳී සිටියේය.

අවසානයේ ඇමැතිවරයා ක්‍රීඩා මණ්ඩපයට පැමිණි පසු නරඹන්නන් කියා සිටියේ ඇමැතිතුමා විකට්ටුව රැක ගනිමින් හොඳින් පන්දුවට පහර දුන් බවයි.

"අපි දේශපානඥයෝ. විකට් එක රැක ගනිමින් ගහන්න ඕනෑ. කොහොමද කියළා අපි දන්නවා. අනික මේ කාලයේ විකට් එක රැක ගන්න එකත් ලේසි නෑනේ. ඒ හින්ද ආපු පුල්ටොස්, ගුග්ලි, යෝකර් එකක්වත් ඇරියේ නෑ. අතඇරියොත් විකට් එක යනවනේ. විකට් එක රැක ගන්ඩ නම් මේ දවස්වල හතර වටේටම ගහන්න ඕනෑ. දැන් අපි කරන්නේ එන එන හැම පන්දුවටම ගහන එකනේ.. අපිට වැටෙන පන්දු මොනවද කියළා ඔයාලා දන්නවනේ - අපිට වැටෙන්නෙම යෝකර්. ඒ හින්දා විකට් එක රැක ගන්නත් ඕනෑ. ලකුණු ගන්නත් ඕනෑ. ගහන්නත් ඕනෑ." යැයි ඇමැතිවරයා මෙහිදී ඔවුන් හමුවේ කියා සිටියේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();