ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25වැනි තරගයෙන් කිංග්ස් ලෙවන් පන්ජාබ් පිල ලකුණු 13කින් පරාජය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටි පන්ජාබ් පිල තෙවැනි තැනට ඇද දමමින් දෙවැනි ස්ථානය අත්කර ගැනීමට හයිද්‍රාබාද් පිලට හැකිවිය.
හයිද්‍රාබාද් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම ලකුණු 132ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය පන්ජාබ් පිල ඕවර 19.2කදී ලකුණු 119කට දැවී ගියේය. ලෝකේෂ් රාහුල් ලකුණු 32ක් රැස්කරමින් පන්ජාබ් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ක්‍රිස් ගේල් ලකුණු 23ක් ඉනිමට එක්කළ අතර හයිද්‍රාබාද් පන්දු යවන්නන් හමුවේ ලකුණු 10 සීමාව ඉක්මවීමට හැකිවූයේ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාට පමණි. ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 42ක් තුළ බිඳ වැටිණි.
පන්දු යැවීමේදී රෂිඩ් ඛාන් කඩුලු 3ක් දවාගත් අතර බැසිල් තම්පි, සන්දීප් ෂර්මා හා ශකීබ් අල් හසන් කඩුලු 2ක බැගින් දවා ගත්හ.
මේ කඩුලු 2 ත් සමගින් ශකීබ් සිය විස්සයි20 තරග දිවියේ කඩුලු 300 සීමාව පසුකිරීමටද සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් ඉනිම වෙනුවෙන් මනීෂ් පාණ්ඩේ පන්දු 51කින් ලකුණු 54ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ශකීබ් අල් හසන් පන්දු 29කින් ලකුණු 28ක් රැස්කළ අතර යූසෆ් පතාන් නොදැවී ලකුණු 21ක් ඉනිමට එක් කළේය.
පන්දු යැවීමේදී අනිකිට් රාජ්පුත් ලකුණු 14කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. එය මෙවර තරගාවලියේ ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය. තරගයෙන් පන්ජාබ් පිල පරාජයට පත්වුවද විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අනිකිට් රාජ්පුත් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.


0 Comments