Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී රටට කීර්තිය අත්කර දුන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයන් අගයයි

Author(s): 
විජයානි එදිරිසිංහ

පසුගියදා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේදි විවිධ ක්‍රිඩා ඉසව්වලට සහභාගි වි මෙරටට අභිමානවත් කීර්තියක් ලබා දුන් ත්‍රිවිධ හමුදා ක්‍රිඩකයන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්සන මහතා ඇතුලු ආරක්ෂක නිලධාරින් විසින් ඊයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ දැඩි ඇගයිමට ලක් කෙරිණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් විසින් එම ඇගයිමේ අවස්ථාවට සහභාගි වි එම ක්‍රිඩකයන් සහක්‍රිඩිකාවන් වෙනුවෙන් ත්‍යාග, ඇගයිම් ලිපි සහ චෙක් පත් ප්‍රධානය සිදු කරනු ලැබුණි

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදි බර ඉසිලිමේ තරගයෙන් මෙරටට මහත් කිර්තියක් ලබා දෙමින් පදක්කම් ලබා දුන් ඊ එම් අයි දිසානායක,, ඩී ඩි එස් ගෝමස් එම් ඩි අයි ආර් එස් බංඩාර ඇතුලු ක්‍රිඩික ක්‍රිඩිකාවන් එම මෙම අවස්ථාවේදී විශේෂයෙන් මෙම අභිමානවත් ඇගයිමට ලක් කෙරිණි.

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේදි වැඩිම පදක්කම් ලබා ගෙන තිබුනේ ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්බව මෙහිදි අනාවරණය විය. මේ අවස්ථාවේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙම ක්‍රිඩක ක්‍රිඩිකාවන් අගයමින් කියා සිටියේ රටවල් 71කින් අපේ රට 31වන ස්ථානය දිනාගෙන තිබෙනවා අපේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එහිදි පෙන්වු දක්ෂතාවයන් තුලින් අපේ රටට හිමි වුයේ අති මහත් කිර්තියක්, ඉදිරියේදි ක්‍රිඩාව තව දුරටත් දියුණු කිරිමටත් ත්‍රිවිධ හමුදාවට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දිමටත් කටයුතු කරදිමට සුදානමින් සිටින බවත් ඔවුන් අප රටට ලබා දුන් එම ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට සුබ පතන බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නිතිඥ කජිල වෛද්‍යරත්න මහතා මෙහිදි කියා සිටියේ මෙම ජයග්‍රහණය මිල කළ නොහැකි ජයග්‍රහණයක් විශේෂයේම ආරක්ෂක අමාත්‍යාංශවල ක්‍රිඩික ක්‍රිඩිකාවන්ට ඔවුන්ගේ ක්‍රිඩා දියුණු කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ලබා දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දිමට සුදානමින් සිටින බවත් මෙතැනින් නොනැවති ඉදිරියේදි ඔලිම්පික් තරගවලටද සහභාගි වී ඒවායින්ද ජයග්‍රහණය කිරිමට අදිටන් කර ගත යුතු බවත් කියා සිටියේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරසිංහ මහතා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව යනු ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් කාලයකදි මෙරට මලල ක්‍රීඩාවලින් ඉතාමත් ඉහළ තත්ත්වයක සිටියා. ත්‍රිවිධ හමුදාව මෙවර ලබාගත් ජයග්‍රහණය මෙරටට මහත් වු අභිමානයක් ක්‍රීඩාව නංවා සිටිම පිණිස රජයෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සහයෝගය ලැබීම වැදගත් බවද ඒ මහතා කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();