Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු නෙට්බෝල් ඉලක්ක කරමින් විදෙස් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී

Author(s): 
ෆවුස් මොහොමඩ්

ආසියානු නෙට්බෝල් තරගාවලිය සඳහා අවසන් සංචිතය තෝරාගැනීම අරමුණු කරමින් ලබන මැයි මස අගභාගයේදී ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජාතික නෙට්බෝල් සම්මේලනය සැලසුම් තිබේ. ආරාධිත තරගාවලියක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියට සිංගප්පුරු ජාතික නෙට්බොල් කණ්ඩායමටත්, මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් ශූරතාව දිනූ එංගලන්තයේ නෙට්බෝල් ක්‍රීඩා සමාජ 2කටත් දැනටමත් ආරාධනා කර ඇතැයි නෙට්බොල් සම්මේලනයේ සභාපතිනිය ට්‍රික්සි නානායක්කාර මහත්මිය ‘දිනමිණ’ට ප්‍රකාශ කළාය.

නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය මේ අදහස් පළ කළේ ඊයේ (26) පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ ආසියානු නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුකාරිනිය තිලකා ජිනදාස මෙනෙවිය යටතේ පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩිකාවන් 18 දෙනකු තෝරාගැනීමේ තුන්වැනි තේරීම් පරික්ෂණ අවලංගු කිරීම පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදීය.

පසුගිය මාසයේ පැවැති ආරක්ෂක සේවා නෙට්බෝල් තරගාවලියට ජාතික සංචිතයේ ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූ අතර එම තරගාවලිය අතරතුර ක්‍රීඩිකාවන් දෙදෙනකු ආබාධවලට ලක්වූ බැවින් සහ තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම විවිධ රෝගාබාධවලට ලක්වී සිටීම හේතුවෙන් ඊයේ දිනයට නියමිතව තිබූ තුන්වැනි තේරීම් පරීක්ෂණය අවලංගු කිරීමට පුහුණුකාරිනිය, තේරීම් කමිටුව සහ නෙට්බෝල් සම්මේලනයේ විධායක කමිටුව එකඟතාවට පැමිණි බව ට්‍රික්සි නානායක්කාර මහත්මිය සඳහන් කළාය.

පුහුණුකාරිනිය තිලකා ජිනදාස මෙනෙවියගේ යෝජනාවක් අනුව මෙසේ ජාත්‍යන්තර ආරාධිත තරගාවලියක් පවත්වා දැනට සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට අවසන් සංචිතය තෝරාගැනීමට පෙර ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදෙමින් ඔවුන්ගේ ක්‍රීඩා රටාව හඳුනා ගැනිමට අපේක්ෂා කරන බව නානායක්කාර මහත්මිය කියා සිටියාය. ජාතික සංචිතයට මෙවැනි විදෙස් තරග අත්දැකීමක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බවත්, මේ තරගාවලියෙන් අනතුරුව ආසියානු තරගාවලිය සඳහා විශිෂ්ට ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත අවසන් කණ්ඩායම තෝරාගැනීමට හැකිවනු ඇතැයි නානායක්කාර මහත්මිය විශ්වාසය පළ කළාය.

මීට අමතරව ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට මැයි මස මුල් භාගයේදී සති දෙකක පුහුණු සැසියක් පැවැත්වීමට ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනයේ පුහුණු කාර්යමණ්ඩලයේ සභාපතිනිය, ඔස්ට්‍රේලියානු ජාතික නෙට්බෝල් කණ්ඩායමේ හිටපු පුහුණුකාරිනිය ජිල් මැකින්ටොෂ් මහත්මිය මෙරටට පැමිණීමට නියමිත බව ඇය සඳහන් කළාය.

ආසියානු නෙට්බෝල් තරගාවලිය නියෝජනය කිරීමට සංචිත ගත කළ ක්‍රීඩිකාවන්ගේ දෙවැනි තේරීම් පරික්ෂණය පසුගිය පෙබරවාරි මාසයේ පැවැති අතර එහිදී සංචිතය 21 දක්වා අඩු කර තිබිණි.

ගයාංජලී අමරවංශ, තර්ජනී සිවලිංගම්. සචිනි රොද්‍රිගු, දර්ශිකා අබේවික්‍රම, තිළිණි වත්තේගෙදර, සුරේඛා කුමාරි, ගයාත්‍රී විජේසුන්දර, ලක්මාලී බණ්ඩාර, දුලාංගි ධනංජි, දුලාංගි වන්නිතිලක, අකිලා සංජු, ශ්‍යාමලී රත්නායක, හසිතා මෙන්ඩිස්, චතුරංගනී වීරරත්න, රුසිරි විජේරත්න, ප්‍රියංගිකා බණ්ඩාර, තිවංකා පෙරේරා, ගයනී දිසානායක, රුවිනි යටිගම්මන, පුර්ණිමා ලක්මාලි සහ නවුජලි රාජපක්ෂ ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට ඇතුළත් වෙති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();