Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චෙන්නායි පිලට විශිෂ්ට ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 24 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම රැස්කළ ලකුණු 205ක ඉලක්කය හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමිකර ගනිමිනි.

මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වීමට චෙන්නායි පිලට හැකිවිය.

චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් අම්බති රයිදු පන්දු 53කින් වේගවත් ලකුණු 82ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 8ක් සමගිනි.

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් තරගයේ වීරයා වු මහේන්ද්‍ර සිං දෝනි වේගවත් ලකුණු 70ක් රැස් කළේය. හතරේ පහරකින් හා හයේ පහර 7කින් වර්ණවත් වූ දෝනිගේ ඉනිමට වැයවූයේ පන්දු 34ක් පමණි. ඔහු, රයිදු සමගින් එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 53කිනි. පන්දු යැවීමේදී යුස්වෙන්ද්‍ර චාහල් කඩුලු 2ක් බිඳ දැමීය.

චෙන්නායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි ලකුණු 18කට දැවී යෑමෙන් අනතුරුව ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩිකොක්ට එක්වු ඒ.බී.ඩිවිලියර්ස් දෙවැනි කඩුල්ලට පන්දු 53කින් ලකුණු 103ක් එක් කළේය. වේගවත් පිතිහරඹයක් දියත් කළ ඩිවිලියර්ස් පන්දු 30කින් ලකුණු 68ක් රැස්කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 8ක් සමගිනි. ඩි කොක් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 37කින් ලකුණු 53ක් ඉනිමට එක් කළේය. පන්දු 17කට මුහුණදුන් මන්දීප් සිං ද වේගවත් ලකුණු 32ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී ඩ්වෙන් බ්‍රාවෝ, ඉම්රාන් තාහිර් සහ ශර්දුල් ඨාකූර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

බැංගලෝර් - 205/8 (ඕවර 20) ඒ.බී. ඩිවිලියස් 68, ක්වින්ටින් ඩි’කොක් 53, මන්දීප් සිං 32 (ඩ්වේන් බ්‍රාවෝ 33/2, ඉම්රාන් තාහිර් 35/2, ශර්දුල් ඨාකූර් 46/2)

චෙන්නායි - 207/5 (ඕවර 19.4) අම්බති රයිදු 82, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 70 (යුස්වෙන්ද්‍ර චාහාල් 26/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();