Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා අරලියගහ මන්දිරයට වැඩම කරවති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය වෙනුවෙන්

අරලියගහ මන්දිරයේ දී ප්‍රදර්ශනය කිරිම සඳහා ඉන්දියාවේ හා පාකිස්ථානයේ සිට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද, නේපාලයෙන් හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි දීපංකර බුද්ධ ප්‍රතිමාව, ශාක්‍යමුනි බුද්ධ ප්‍රතිමාව, මෛත්‍රි බෝසත් ප්‍රතිමාව ඇතුළු කෞතුක වස්තු අරලියගහ මන්දිරය වෙත වැඩම කරවීම ඊයේ සිදු විය.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කෙරෙන සාරානාත්හි වරනාසි නුවර වැඩසිටින ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා ද, පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද අරලියගහ මන්දිරයේ තැන්පත් කෙරෙන අතර එම ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මහජනතාවට උදාවේ.

බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දී අප්‍රේල් මස 29 වැනි දින පස්වරු 7.00 සිට මැයි 03 වැනි දින පෙරවරු 4.00 දක්වා අඛණ්ඩව දිනය පුරා සර්වඥ ධාතූන්වහන්සේලා ඇතුළු බෞද්ධ කෞතුක වස්තු වැඳපුදා ගැනීමට මහජනතාවට හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළ රාජ්‍ය ආයතන හා පළාත් රාජ්‍ය ආයතන මෙන්ම, සියලූ ආරක්ෂක අංශ විසින් සකස් කරන ලද ප්‍රදර්ශන කුටි ද, සංස්කෘතික සංදර්ශන, භක්ති ගීත සංදර්ශන හා ආහාර පාන ඇතුළු දන්සල් රැසක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඡායාරූප-හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();