Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිරකරුවන් 430කට ජනපති සමාව

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනකු විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස ලබා ඇත.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිරිසකට එ ලෙස ජනාධිපති සමාව හිමිව ඇති අතර දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම ඇතුළු සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පිරිස කෙරෙහි මෙහිදී ප්‍රමුඛතාව හිමි වී ඇත.

වසර දහයට වඩා සිර දඩුවම් විදින වයස අවරුදු 70ට වැඩි සිරකරුවන්ටද සමාව ලබා දීම කෙරෙහි අවධානය යොමු වූ බවත් දිවයින පුරා බන්ධනාගාර 28ක සිරකරුවන් එලෙස සමාව ලබා පිටව ගිය බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 

සුභාෂීණී සේනානායක සහ උපාලි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();