පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් මැයි 1 නිවාඩුව මැයි 7 දිනට ලබාදීමට තීරණය කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා පැවසීය.
අදාල නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබාදීම වෙනුවෙන් පඩිපාලක සභාව කම්කරු අමාත්‍යාංශයත් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව රජයේ හා ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍යවලටත් එම නිවාඩුව ලබාදීමට කම්කරු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත.
මේ අතර මැයි 1වෙනි දා රාජ්‍ය අංශයට මෙතෙක් ලබා දී තිබූ නිවාඩුව අවලංගුකර එය මැයි 7 ලබාදීමට රජය තීරණය කර ඇත.
කම්කරු දිනය යෙදී ඇති මැයි 1 දිනය වෙසක් සතියේ යෙදීම නුසුදුසු බව පෙන්වාදෙමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් රජයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ නිවාඩුව වෙනස් කර තිබේ.


0 Comments