යහපාලන රජයේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් ජනපති හා අගමැති අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අදාළ අවබෝධතා ගිවිසුම මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළ එය අත්සන් කිරීමෙන් පසු නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන බවත් ඒ මහතා කීය.
මහනුවර පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (27) මේ බව කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සඳහා නම් යෝජනා වූ අවස්ථාවේ කිසිවකුත් ඊට විකල්ප ඉදිරිපත් නොකළ බවත් කාට හෝ ඒ පිළිබඳ ගැටලු තිබුණේ නම් එම අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ඕනෑ තරම් තිබූ බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. ඉදිරිපත් වූ නාම යෝජනා කිසිදු විරෝධතාවකින් තොරව ස්ථිර වූ බව ද හෙතෙම අවධාරණය කළේය.
මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ කුරුණෑගල දක්වා කොටස ලබන වසර අවසන් වීමට පෙර නිම කරන බවත් දකුණු අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීමට වසර 11ක් පමණ ගත වූ බවත් ඇමැතිවරයා කීවේය.


0 Comments