Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුල්ල-කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය පීලි පනී

Author(s): 
අසේල කුරුළුවංශ

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර 84 වෙනි සැතපුම් කණුව ආසන්නයේදී ඊයේ (27) අලුයම 1.45ට පමණ පීලි පැන තිබේ.

පිලී පනින ලද දුම්රියේ සිටි මගීන්ට වෙනත් දුම්රියක් යොදවා ප්‍රවාහන පහසුකම් ලබාදී ඇත.

දුම්රියේ පළමුවන සහ දෙවන පන්තියේ මැදිරි හතරක් පීලි පැන තිබෙන අතර මේ හේතුවෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභහානි සිදුව තිබේ.

පීලි පැන ඇති දුම්රිය මැදිරි යළි පීලි ගත කිරීම සඳහා නාවලපිටිය, ගම්පොළ හා මහනුවර දුම්රිය ස්ථාන වල දුම්රිය මාර්ග නඩත්තු සේවකයන් යොදවා තිබෙන බව නාවලිපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි.

දුම්රිය පීලි ගත කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා හා බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දුම්රිය පීලි පැන ඇති ස්ථානය වෙත ධාවනය කර එතැන් සිට එම දුම්රිය වල ගමන් ගන්නා මගින්ව දුම්රිය දෙකට මාරු කර යැවිමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();