ඒ මහතා මේ බව පැවසුවේ සිය වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. අරහත් සම්මා බුදුරජාණන් වහන්සේගේ පහළවීම මනුෂ්‍ය ලෝකයේ අතිශයින් දුර්ලභ වූ අසිරිමත් සිදුවීමකි. ගෞතම බුදුරජාණන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වනු වස් ස්වකීය අවසන් උප්පත්තිය සිදු කළා වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ , මහා පරිනිර්වානයට පත් වූ , වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය මුළුමහත් විශ්වයටම අතිශයින් වැදගත් පූජනීය දිනයකි. සමඟිය හා මානව දයාව පිරි සමාජයක් බිහිකිරීමට මෙලොව වශයෙන් පදනම සකසන්නේ වෙසක් පෙහෝ දිනය බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
විශේෂයෙන්ම තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව පරිදිම පිරිසිදු ථෙරවාදී බුද්ධ දර්ශනය ස්ථාපිත උන්වහන්සේ තෙවරක් වැඩම කරන්නට යෙදුණු ශ්‍රී ලංකාද්වීපයේ වෛශාක්‍ය මංගල්‍යය බෞද්ධ ලෝකයේ සියල්ලන්ගේම අවධානයට ලක්වේ.
බුදු පියාණනන් වහන්සේ සමස්ත ලෝ සතුන් කෙරෙහි පැතිර වූ සමබර සාධාරණ මෛත්‍රි සහගත චින්තනය ජීවිතාදර්ශය කොට ගනිමින් සාමය ,සමඟිය හා මානව දයාව පිරි සමාජයක් බිහිකර ගැනීමට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය මෙලොව වශයෙන් පදනම සකසයි.
වර්තමානයේදී බුදුන් වහන්සේ හෙළි කළ විමුක්ති මාර්ගය අධ්‍යාත්මික වශයෙන් මිනිසාට නිවීම, සැනසීම උදාකරන ජ්‍යෙෂ්ඨ දර්ශනයක් බව ලොව පුරා බුද්ධිමතුන්ගේ පිළිගැනීම බවට පත්ව තිබේ.
එම දර්ශනය ලෝකයට දායාද කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට අප දේශය පත්ව ඇති අතර , වඩාත් ධර්මාවබෝධයෙන් යුතුව ආදර්ශමත් ලෙස බුද්ධාලම්බන ප්‍රීතිය ඔප්නංවමින් මේ මහා පුජෝත්සවය පැවැත්වීමේ යුතුකමද අප සතුවේ.
වසර දහස් ගණනක් අඛණ්ඩව ඉටු කළ එම උතුම් කාර්යය වෙනුවෙන් කැපවෙමින් බුදු තෙමඟුල සමරන සකල ශ්‍රී ලංකාවාසී බොදු ජනතාවටත්, සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.


0 Comments