Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වියානා ඇළට පෙරළුණු මෝටර් රථයේ සිටි අය අතුරුදන්

මහියංගණය, මාපාකඩවැව, 17කණුව ප්‍රදේශයේදී මහියංගණ බදුල්ල ඇළ බන්ට් එක මාර්ගයේ (B -580 මාර්ග), මහවැලි වියානා ඇළට මෝටර් රථයක් පෙරලීමෙන් රථයේ පැමිණි අය පෙරේදා (26) අතුරුදන්විය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ප්‍රභාත් දිසානායක නම් 34 වියැති, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ජනප්‍රිය ගුරුවරයෙකි. ඔහු එක් දරු පියෙකි.

වියානා ඇළ බන්ට් එක මාර්ගයේ නිරන්තර සිදුවන අනතුරු හා ජීවිත හානි සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවු අතර මහවැලි අධ්‍යක්ෂක ජනරාල් සරත් චන්ද්‍රසිරි මහතා වෙත උපදෙස් ලබාදෙමින් කඩිනමින් අනතුරුදායක ස්ථානය සඳහා ආරක්ෂිත යකඩ වැටක් ඉදිකරන ලෙස දන්වා ඇත. ඒ සඳහා රුපියල් මිලියන 26.5ක මුදලක්ද ජනපතිවරයා විසින් ලබාදී ඇත.

මහියංගණ පොලිසියේ දැනුම් දීමකට අනුව අතුරුදන් පුද්ගලයා සොයා ඔලුවිල් නාවික හමුදා කඳවුරේ නාවික හමුදා කිමිදුම් නිලධාරින් වියානා ඇළෙහි තාවකාලික ජල සැපයුම නවතා දමා සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර ඔරුබැදිවැව දියබානා වැවෙහිද ජලය හිස්කර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය. එහෙත් ඊයේ (27) දහවල් 1.00 පමණ වනතුරු අතුරුදන් පුද්ගලයා සොයා කිසිදු තොරතුරක් හෙලි කරගැනිමට නොහැකි වු බව මහියංගණ පොලිසිය පවසයි.

තවද 26 දින දහවල් අතුරුදන් ගුරුවරයාගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වු බවට ලැබුණු SMS පණිවිඩ සම්බන්ධයෙන්ද මහියංගණ පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කරයි. දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරික්‍ෂණ නිලධාරින් (soco) විසින් අනතුරට පත් මෝටර් රථය විශේෂ පරික්ෂාවටද භාජනය කරනු ලැබීය.

මෙම රිය අනතුර සිදුව ඇත්තේ ඊයේ (26) උදැසනන 4.30ට පමණ වේ. අලුයම 4.30ට පමණ, 17කණුව ප්‍රදේශයේදී වියානා ඇළේ විදුලි පහන් දැල් වු මෝටර් රථයක් ජලයේ පාවෙමින් පහළට ගසාගෙන යන බව දැක ඇති එම ප්‍රදේශයේ විසු තෙලිඟු ජාතිකයන් පිරිසක් කෑ ගසා ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වු ප්‍රදේශවාසීන් හා මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතා හා මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ නිලධාරින් පිරිසක් දැඩි වෙහෙසක් දරා රථය ගොඩ ගන්නා ලදී. රථය ඇළට පෙරලුණු ස්ථානයේ සිට මීටර් 500ක් පමණ පහළින් රථය ගොඩ ගෙන ඇත. ගම්වාසීන් හා පොලිසිය එක්ව දියේ ගසාගෙන ගිය අය සොයා මෙහෙයුම් සිදු කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ රථවාහන අංශ නිලධාරීහු පරික්ෂණ සිදු කරති.

වියානා ඇළේ ආසන්නතම අනතුර සිදුවුයේ පසුගිය 2018-02-26 දින වන අතර එම අනතුරින් මාපාකඩවැ තිස්සපුර විද්‍යාලයේ සේවය කළ නලින් කාරියවසම් වීරසිංහ නැමැති වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක ගුරුවරයෙක් මිය ගිය අතර දියේ ගසාගෙන යමින් සිටි තිදෙනෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගන්නා ලදී. පසුගිය වසරේ පොසොන් පොහෝ දින සිට මේ දක්වා මාපාකඩවැව වියානා ඇළේ රිය අනතුරු 04ක් සිදුවු අතර ජිවිත 08ක් අහිමි විය. ඒ අතර කුඩා දරුවන් 02ක් හා පාසැල් සිසුවෙක් ද වේ.

මාපාකඩවැව සමුහ - එච්.එම්. රංජිත් කරුණාවිර
ඡායාරූප- මාපාකඩවැව සමුහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();