

එජාප මහලේකම් ඇමැති අකිල විරාජ්
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රගමනය සඳහා අවශ්‍යය තනතුරු වෙනස්කම් සිදුකරනු ලබන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව තමන්ගේ ඡන්දයෙන් මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට පත්කර එවා තිබෙන මන්ත්‍රීවරුන් ගෙන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මිස මාධ්‍යය හෝ වෙනත් අයගේ අවශ්‍යතා අනුව නොවන එජාප මහලේකම්,අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් එක් එක් අයට විවිධ මත තිබිය හැකි බවත් නව තනතුරු පත් කිරීමට ප්‍රථම අගමැතිවරයා පක්ෂ මන්ත්‍රීවරු හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් කැඳවා පක්ෂ නායකත්වය සඳහා කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ දැයි විමසූ අවස්ථාවේ කිසිවකුත් නව නායකත්වයක් සම්බන්ධව කතා නොකළ බවද ඒ මහතා කීය.
එජාප මහ ලේකම් ධූරයට අභිනවයෙන් පත්වූ අකිල් විරාජ් කාරියවසම් මහතා පෙරේදා (28) ශ්‍රීදළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි හා රාමඤ්ඤ මහ නිකායේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් කතා කළ මහලේකම් වරයා එක්සත් ජතික පක්ෂයේ නතතුරු වෙනස් වීම් සම්බන්ධව ජනතාව අපේක්ෂා කරන්නේ වෙනත් දෙයක් යැයි පිරිසක් පවසන බවත් පක්ෂය තුළ වර්තමානයේ සිදුවූ වෙනස් කම් පිළිබඳ තින්දු තීරණ ගනු ලැබුවේ ජනතාව ඔවුන්ගේ කැමැත්තෙන් පත්කර තිබෙන මහජන නියෝජිතයින් බවත් කී ඒ මහතා තමන්ද අගමැතිවරයා ළඟට වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත්වූ මහජන නියෝජිතයෙකු බවද අවධාරණය කළේය.
ජනතාව කියන්නේ මහජන නියෝජිතයින් බවත් පිරිසකට ඔවුන්ගේ අවශ්‍යතා අනුව එජාපයේ තනතුරු වෙනස්කම් ඇති කිරීමට වුවමනාවක් තිබෙන බවත් හෙතෙම කීය.
නව තනතුරු පත් කිරීම් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුකර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ගරු කරන පක්ෂයක් බවත් කී ඒ මහතා අද ඕනෑම අයෙකුට තමන්ගේ අදහස් නිදහසේ කතා කිරීමේ අවකාශ තිබෙන බවද පැවසුවේය.
පසුගිය කාලයේ මේ අකාර නිදහසක් රටේ නොතිබුණු බවත් විවේචනාත්මක අදහස් දක්වන්නට ගිය අයට සිදුවූයේ අඩි හයක් පොළව යටට යෑමට බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රුවන් විජේවර්ධන කමිටු වාර්තාව යම් යම් සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද ඒ මහතා කීය.
අභියෝග හා අර්බුද පවතින අවස්ථාවක එජාප මහ ලේකම් තනතුර හිමිවීම පිළිබඳ තමන් සතුටු වන බවත් අධ්‍යාපන අමාත්‍යාශයද තමන් බාර ගත්තේ ප්‍රශ්න හා අභියෝග රැසක් තිබියදී බවත් කී ඒ මහතා එම ප්‍රශ්න ජයගෙන අමාත්‍යාංශය සාර්ථකව ඉදිරියට ගෙන ගියාක් මෙන් පක්ෂයද ශක්තිමත් කරමින් ජයග්‍රාහි මාවතට යොමු කිරීම තම අපේක්ෂාව යැයි ප්‍රකාශ කළේය.
නව තනතුරු පත් කිරීමේදී ගැටලුවක් මතු කළේ ජෝෂප් මයිකල් පෙරේරා මහතා පමණක් බවත් අන් සියලු දෙනා මේ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූ බවත් හෙතෙම කීය.
පක්ෂය තුළ සිටින තරුණ දක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහයෝගය ලබා ගනිමින් ඔවුන්ටද නායකත්වය ලබා දෙමින් ඉදිරියට යෑම අරමුණ බවද කාරියවසම් මහතා පැවසුවේය.
පසුගිය කාලයේ පොහොර සහනාධාරය,සමෘද්ධිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගැටලු තිබූ බවත් මේවන විට පොහොර පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර තිබෙන බවත් කී ඒ මහතා සමෘද්ධි අමාත්‍යාංයද දැන් එජාපයට හිමිවීම තුළ එහි පවතින ගැටලුද ඉදිරියේදී ඉතා ඉක්මනින් විසඳෙනු ඇති බවද අවධාරණය කළේය.
එකාබද්ධ විපක්ෂය තුළ බරපතල අභ්‍යන්තර ගැටලු රැසක් පවතින බවත් පැණි වරකා ගසට හෙණ ගහන දිනය වැඩි ඈතක නොවන බවත් ඒ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ප්‍රශ්න කළමණාකරණය කරගත් නමුත් ඒකාබද්ධ විපක්ෂයට එය එසේ කළ නොහැකි බවත් ඔවුන්ගේ ප්‍රශ්න හා අර්බුද කෙටි කළකින් රටට හෙළිවනු ඇති බවත් කාරියවසම් මහතා පැවසුවේය.
අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර


0 Comments