Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපැදි ශූරිය ශ්‍රියාලතාට ගුවන් හමුදාවෙන් නව නිවසක්


උතුරු මැද පළාතෙන් බිහිවූ ජාතික පාපැදි ශූරිය යූ.ඩී.ශ්‍රියාලතා මහත්මියට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් නව නිවසක් ලබාදී තිබේ. දුෂ්කරතා රැසක් මැද ජීවත් වන ශ්‍රියාලතා මහත්මිය මෙරට පාපැදි ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ටම ක්‍රීඩිකාවක් වන අතර වර්තමානයේ ඇය මුුහුණපා සිටින දුෂ්කරතා හඳුනාගෙන ඇයට මේ නව නිවස ඉදිකර දීමට ගුවන් හමුදාව පියවර ගත්තේ ගුවන් හමුදාපති නිවාස ව්‍යාපෘතිය යටතේය.

මිලියන තුනක් පමණ වැය කරමින් ඉදි කළ නව නිවස පසුගියදා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින් ශ්‍රියාලතා මහත්මියට පිරිනැමුවේය.

 තඹුත්තේගම සමූහ-සී.එම්.ආරියපාල 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();