ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ යෝජනාවක් පසුගිය ජනවාරියේදී මෙරටට පැමිණ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දින දහයක වැඩමුළුවක් පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන පිල් ජොන්සි ලබන මස මුලදී නැවත පැමිණීමට නියමිතය.
ජොන්සි මහතා නැවත මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වරින් වර සිය දායකත්වය ලබාදීමට ක්‍රිකට් ආයතනය සමග ඇතිකර ගත් එකඟතාවට අනුවය. ලබන මස 5 වැනිදා සිට 23 දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සමග වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තලයකට නැංවීමට මෙවර කටයුතු කරනු ඇත.
සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමගත්, කලක් බංග්ලාදේශ කණ්ඩායම සමගත් කටයුතු කර ඇති මනෝවෛද්‍ය ජොන්සි මහතා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, බේස්බෝල් තරගාවලිය, ලීග් රගර් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහා සිය සේවය ලබා දී ඇති පළපුරුදු මනෝවෛද්‍යවරයෙකි.
0 Comments