Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තව දින දෙකකින් කොවිඩ් එන්නත් 500,000ක් ලැබෙනවා ඇමැති මහාචාර්ය චන්න ජයසුමන

තවත් දින දෙකකින් පමණ ඇනවුම් කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ පහක් මෙරටට පැමිණෙන බව ඖෂධ නිෂ්පාදන හා සැපයීම් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිටත් ඇණවුම් කළ දෙවන තොගයේ එන්නත් ලක්ෂ පහක් මෙරටට පැමිණෙන බව කියා සිටි ඒ මහතා ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙවීමෙන් අනතුරුව එන්නත ඉදිරි සතියේ මෙරටට ලැබෙන බවද කියා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙරත් කොවිඩ් රෝගයට භාවිත කරන බෙහෙතක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් කළ බව කියා සිටි ඒ මහතා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත සම්බන්ධයෙන් එතුමා සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් මෙම එන්නත් ඇණවුම් කිරීම සිදු කරන්නේ මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දෙශ මත පමණක් බවද කියා සිටියේය.

 

සුභාෂිණී සේනානායක

Post a Comment

0 Comments