Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරාය සිද්ධිය පසුපස චීනය නෑ ඇමැති දිනේෂ් ගුණවර්ධන

 

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ සිද්ධිය පිටුපස චීනය සිටින බවට සිදුකරන චෝදනා තමා පිළිනොගන්නා බව විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, මහ සඟරුවන, ජාතික සංවිධාන මේ ගැටළුව සම්බන්ධයෙන් සිය විරෝධය පළකළ බව පෙන්වාදෙන ඇමැතිවරයා මේ සිදුවීම සඳහා චීනය මැදිහත් වූ බවට තමා කිසිවිටෙකත් විශ්වාස නොකරන බවද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය රූපවාහිනී නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා පවතින්නේ එක් ව්‍යාපෘතියක් මත නොවන බවත් දෙරට අතර ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක බවත්ය. ඉන්දියාව සමඟ ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති සහ ආයෝජන අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවද සඳහන් කළ විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දෙරට අතර සබඳතා මේ වනවිට ඉහළ තලයකට පැමිණ තිබෙන බවද ඉදිරියේ දී එම සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

මහින්ද අලුත්ගෙදර

Post a Comment

0 Comments