Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ අගරදගු රු හිමිපාණන්ට කතෝලික ජනතාව ගැන වගකීමක් තිබෙනවා - ඇමැති සරත් වීරසේකර

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට කතෝලික ජනතාව ගැන වගකීමක් තිබෙන බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශණ අවසන් කර මේ වනවිටත් පුද්ගලයන් 30 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට අදාළ තොරතුරු නීතිපතිවරයාට ලබාදී ඇති බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 251 රැඳවුම් නියෝග මත සහ රක්ෂිතභාරයේ සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරමින් සිටින බවත් ඇමැතිවරයා කියා සිටියේය.

කොළඹ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

​සුභාෂිණී සේනානායක

Post a Comment

0 Comments