පිරිමි විවෘත අංශයේ ජයග්‍රහණයට හිමිකම් කී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පිට පිට දෙවැනි වරටත් ජාතික ඔරු පැදීමේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්වෙයි. රාජගිරිය දියවන්නා ඔය ආශ්‍රිතව පසුගියදා පැවැති 33 වැනි ජාතික ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත කාන්තා විවෘත ශූරතාව දිනාගනු ලැබුවේ ද පසුගිය වසරේ ශූරියන් වූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවෝ විසිනි. මෙවර තරගාවලියේ ශූරතා ත්‍රිත්වයක් දිනාගැනීමට සමත්වූ යුද හමුදා කණ්ඩායම් කාන්තා විවෘත ශූරතාවට අමතරව අවුරුදු 18න් ඉහළ කාන්තා ශූරතාවත්, පිරිමි ශූරතාවත් අත්පත් කර ගත්තේය.
ක්‍රීඩා සමාජ සහ පාසල් 17ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 250කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදුණු මෙවර තරගාවලියේ අවුරුදු 18න් පහළ බාලක ශූරතාව රාජකීය විදුහලට හිමිවූ අතර 18න් පහළ බාලිකා ශූරතාව දිනා ගනු ලැබුවේ කොළඹ කාන්තා විදුහල් පිල විසිනි.
මෙවර තරගාවලියේ දක්ෂතම පාසල් ක්‍රීඩිකාව ලෙස මියුසියස් විදුහලේ හෂිනී හෙට්ටිගොඩ ශූරතාව දිනාගත් අතර රාජකීය විදුහලේ ගැවිත් කුරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය.
ඡායාරූප අන්තර්ජාලයෙන්
0 Comments