මැංගලෝර් 38 වැනි ජාතික ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්රවීණයන්ගේ වෙළෙඳ සේවා මළල ක්‍රීඩා කණ්ඩායමේ ශ්‍රීලාල් අලහකෝන් මීටර් 200 තරග ඉසව්ව තත්පර 27.01කින් නිමා කර ආසියා වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
පසුගියදා ඉන්දියාවේ මැංගලෝර් නුවර පැවැති මේ තරගාවලියට එක්වූ 56 හැවිරිදි ශ්‍රීලාල් අවුරුදු 55න් ඉහළ තරග ඉසව් නියෝජනය කරමින් මිටර් 100, 200, 400 සහ 400X4 තරග ඉසව්වලින් රන් පදක්කම් ද, මීටර් 100X4 තරග ඉසව්වෙන් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත්විය.
ඔහු මිට පෙර සිංගප්පූරුවේ පැවැති ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 තරග ඉසව්ව තත්පර 27.09කින් නිමා කරමින් එම වාර්තාව සම කර තිබිණි.
වී පවර් සොලියුෂන් ආයතනයේ සේවයේ නිරතව සිටින ශ්‍රීලාල් තර්ස්ටන් විදුහලේ ආදි සිසුවකු වන අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ශාරිරික අභ්‍යාස පුහුණු පාඨමාලාවක් හැදැරීමෙන් පසුව අවුරුදු 50දී මළල ක්‍රීඩාවට එක්විය.
මේ වනවිට රටවල් 9ක ජාත්‍යන්තර තරග 13කට සහභාගි වී පදක්කම් 37ක් දිනා ඇති ශ්‍රීලාල් මෙවර මැංගලෝර් හී දැක්වූ දස්කම් හේතුවෙන් මේ වසරේ ස්පාඤ්ඤයේ පැවැත්වීමට නියමිත ලෝක ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිකරගෙන සිටී.
මැංගලෝර් ජාතික මලල ක්‍රීඩා ප්රවීණයන්ගේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා කණ්ඩායමට පසුගිය වසරේදී වෙළෙඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 49ක් එක්වූහ.
ක්‍රමානුකූලව ආහාර ගැනීමෙන් සහ සතියකට පැය 6ක් පමණ ව්‍යායාමවල නිරතවීමෙන් අවුරුදු 50 ඉක්මවූ ඕනෑම අයකුට යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගත හැකි බව ඔහු කියයි.
අංක 28, ජාතික නිවාස, කිරිබත්ගොඩ, කැලණිය ඔහුගේ ලිපිනයයි.
ෆවුස් මොහොමඩ්
0 Comments