එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටුවල වෙනසත් සමඟ ඉදිරියේදි පක්ෂය නව ශක්තියකින් සහ නව ජවයකින් කටයුතු කර ගෙන යාමට අභ්‍යන්තරික වශයෙන් තවත් වෙනස්විම් සහ යෝජනා ගණනාවක් ඉදිරියේදි ක්‍රියාත්මක වන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.
දෝෂාභියෝගය පුස්සක් බවට පත්විමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂය තුළ සිදු විය යුතු වෙනස් විම් සම්බන්ධව කටයුතු කිරිම සහ යෝජනා ඉදිරිපත් කිරිමට ප්‍රතිසංවිධාන කමිටුවක් පත් කළ බව පවසන රුවන් විජයවර්ධන මහතා එම යෝජනා කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවද පවසයි.
එම යෝජනා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියෙන් ක්‍රියාත්මක විමෙන් පමණක් සෑහිමකට පත් නොවි පක්ෂයේ ඉදිරි ගමන සාර්ථකව කර ගෙන යාම පිණිස තවත් වෙනස්විම් සහ යෝජනා ගණනාවක් ක්‍රියාත්මක විය යුතු බවද ප්‍රතිසංවිධාන කමිටුව පෙන්වා දි ඇත.
එම යෝජනා සහ වෙනස් කිරිම් ඉදිරියේදි ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ඇමැති රුවන් විජයවර්ධන මහතා මෙහිදි තරුණ ජවය වෙනුවෙන් විශේෂත්වයක් ගෙන දෙන බවද කියා සිටියේය.
දැනට පවතින පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවේ. නමුත් නව යෝජනා වලින් වසර පහකට වරක් නව පක්ෂ නායකත්වයක් සිදු කිරිමටත් යෝජනා වි ඇත. මිට අමතරව දැනට අලුතින් පත් කරන ලද තනතුරු සම්බන්ධයෙන් මාස තුනකට වරක් ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳ සොයා බැලිමටත් ප්‍රතිසංවිධාන කමිටුව කර ඇති යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පිළිගෙන ඇත.
කෙසේ වෙතත් පක්ෂය තුළ ඉදිරියේදි සිදු කරන වෙනස් විම්වලදිද තරුණ ජවය පක්ෂයේ ඉදිරි කටයුතුවලට යොදා ගැනිමෙන් පක්ෂයේ ඉදිරි ගමනට ශක්තියක් වන බවත් අමාත්‍යවරයා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දෙස බලන විට එහි සිටි නායකයන් පක්ෂය තනි පක්ෂයක් වශයෙන් දැවැන්ත ඉදිරි ගමනක් ගිය පක්ෂයකි. මේ රටේ අද පවතින සංවර්ධනයට අඩි තාලම මුලික වශයෙන් වැටුණේ අසුව දශකයේ සිට ආරම්භ කරන ලද දැවැන්ත සංවර්ධනයත් සමගය. තනි පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය එවකට රටේ ඕනැම අභියෝගයකට මුහුණ දුන්නා සේ වර්තමාන එක්සත් ජාතික පක්ෂයද දෝෂාභියෝග හෝ වේවා වෙනත් ඕනෑම අභියෝගයට මුහුණ දිමට තරම් හැකි ශක්තියකින් යුතු පක්ෂයක් ලෙස ගොඩ නැගිමට මේ වනවිට පක්ෂය ඉතාමත් සාර්ථකව ප්‍රතිසංවිධානය වෙයි. පක්ෂයේ එම නව ප්‍රතිසංවිධාන ගමනට පක්ෂයේ සැම සාමාජිකයකුගේම සහයෝගය ලැබි ඇත.


0 Comments