එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ලෙස ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පත් කිරීමට පක්ෂය තීරණය කර තිබේ. මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන ආයෝජන ප්‍රවර්ධන වැඩ මුළුවකට සහභාගි වී සිටින ඒ මහතා දිවයිනට පැමිණි විගස මේ තනතුර පිරිනැමීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර ඇති පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ තරුණ නායකයන්ට ඉදිරියේ දී තවත් වගකීම් පැවරෙන බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


0 Comments