Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක්දින කිරුළ රැකගන්න රිච්මන්ඩ් පිල පීතරයන් සමඟ සටනේ

අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරග බිමේ පසුගිය වසරේ ශූරයන් වූ ගාල්ල රිච්මන්ඩ් විදුහල සිය කිරුළ යළි රැක ගැනීමේ අරමුණින් අද (28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බම්බලපිටිය සාන්ත පීතර විදුහලට එරෙහිව අවසන් මහා තරගයට පිවිසෙයි.

රිච්මන්ඩ් විදුහල පසුගිය වසරේ ශූරතා දිනා ගත්තේ මේ තරගාවලියේ පළමු වරටය.

එවර රිච්මන්ඩ් විදුහලට ශූරතාව අත්කර දෙමින් අවසන් තරගයේ වීරයා වූ ධනංජය ලක්ෂාන් අද (28) සාන්ත පීතර විදුහලට එරෙහිව රිච්මන්ඩ් කණ්ඩායම මෙහෙයවන අතර උප නායකයා ලෙස අවිඳු තීක්ෂණ කටයුතු කරයි.

සන්තුෂ් ගුණතිලකගේ නායකත්වයෙන් සාන්ත පීතර විදුහල තරග බිමට පිවිසෙන අතර උප නායකා ලෙස කටයුතු කරන්නේ මිෆාල් අමීන් ය.

මේ කණ්ඩායම් දෙකේම නායකයන් දෙදෙනා අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් අත්දැකීම් බලා තිබීම දෙපිලටම වාසි දායක වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී කොළඹ මහානාම විදුහල පරාජය කළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ, අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලද, අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලු 5කින්ද පරාජය කරමින් අවසන් තරගයට පිවිසියහ.

සාන්ත පීතර විදුහල් පිල අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී ගාල්ල මහින්ද විදුහලට එරෙහිව ලකුණු 9ක් හිමිකර ගනිමිනි. ඔවුන් හමුවේ අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී ගාල්ල සාන්න ඇලෝසියස් විදුහලත්, අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලත් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන මේ තරගාවලි සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන්නේ සිංගර් කුසලානය සඳහායි.

රිච්මන්ඩ් විදුහල් පිල: ධනංජය ලක්ෂාන් (නායක), අවිදු තීක්ෂණ (උප නායක), කමිඳු මෙන්ඩිස්, තවීෂ අභිෂේක්, සඳුන් මෙන්ඩිස්, ආදිත්‍ය සිරිවර්ධන, දුවීන් කලංසූරිය, විශ්මිත විජේසිරි, චමත් දිල්සර, සුගීත් නිම්නාද, විමුත් සප්නක, අකාශ් කාවින්ද, විනුජ කිරිඇල්ල, දිලුම් සුදීර, අම්සි ද සිල්වා, ධම්මික සුදර්ශන මහතා (පුහුණුකරු), ලක්මාල් ද සිල්වා මහතා (සහාය පුහුණුකරු), එස්.ආර්. නානායක්කාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), සම්පත් වේරගොඩ මහතා (විදුහල්පති)

සා.පීතර විදුහල් පිල: සන්තුෂ් ගුණතිලක (නායක), මිෆාල් අමීන් (උප නායක), රන්මිත් ජයසේන, ෂලිත් ප්‍රනාන්දු, සචින් සිල්වා, ශිවාන් පෙරේරා, සුලක්ෂණ ප්‍රනාන්දු, දිනිත් අංජුල, නිපුනක ෆොන්සේකා, පබසර හේරත්, ලෙෂාන් රොද්‍රිගෝ, කනිෂ්ක මධුවන්ත, භානුක ද සිල්වා, හිම්සර රන්දෙනි, නිරෝෂ් අර්ෂන, ෂනොන් ප්‍රනාන්දු, තාරික් සබාර්, රුවින් සෙනෙවිරත්, හසිත් කිරිඇල්ල, ලක්මින පෙරේරා, ෂෙනාල් සිල්වා, මලින්ද වර්ණපුර මහතා (පුහුණුකරු), සනත් චින්තක මහතා (ක්‍රීඩා ලේකම්/ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා භාර ආචාර්ය), ට්‍රෙවෝ මාටින් පියතුමා (විදුහල්පති)

 

නිරෝෂාන් ප්‍රියංකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();