Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසාමාන්‍ය විරල අවස්ථාවක් මැයි 02 සිට අත්විඳින්න.

Image may contain: text
අප පසුගිය සතියේ සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීම පිළිබද කතා කළා ඔබට මතක ඇති. ඉන්පසුව එළඹන ලබන මැයි මස දෙවැනිදා පසුවරු 4.00ට පමණ කුජ ග්‍රහයා මකර රැසට ගමන් ගන්නවා. මෙය ඉතා සාමාන්‍ය සංසිද්ධියක් වන නමුත් කිසියම් විශේෂත්වයක්ද එහි විද්‍යාමාන වෙනවා. මැයි, ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තොබර් සහ නොවැම්බර් මස 6වැනිදා දක්වා වූ දිර්ඝ කාලයක් කුජ ග්‍රහයා මකර රාශියේම තැන්පත්ව සිටිනවා. සාමාන්‍යයෙන් කුජ ග්‍රහයා එක් රාශියක් තුළ රැදී සිටින්නේ මාසයකට ආසන්න කාලයක් වන නමුත් මෙහිදී මාස 6කට වැඩි කාලයක් එකී කුජ ග්‍රහයා සෙනසුරුට හිමි මකර රාශියේ තැන්පත්ව සිටිම අසාමාන්‍ය තත්වයක්. මෙසේ සිදුවන්නේ කුජ ග්‍රහයා මකර රාශියේ දිගු කාලයක් වක්‍රව ගමන් ගැනීම නිසයි. ලබන මැයි මස දෙවැනිදා සිට ජුනි මස 27වැනිදා දක්වාම මකර රාශියේ සෘජුව ගමන් ගන්නා කුජ එතැන් සිට අගෝස්තු මස 28දා දක්වාම වක්‍රව ගමන් ගන්නවා. සාම්ප්‍රදායික ජොතිශය අනුව මකරය කුජගේ උච්ච රාශියයි. එහෙත් එම ග්‍රහයා තම උච්ච භවන තුළ වක්‍රවීම යනු රජු තම රාජ භවනේදීම නීච භාවයට පත්වීම හා සමාන ක්‍රියාවක්.
ටොලමියානු ජොතිශය අනුව ගත්කළ කුජ ගිනි ග්‍රහයෙකු වන අතර, මකරය පඨවි ශක්තියට අයත් වෙනවා. දෙවනුව ග්‍රහයා හා රාශිය අතර සම්බන්ධයේදී මෙහිදී සූක්ෂම වශයෙන් විෂකුරු ශනි කුජ සංයෝගය හටගන්නවා. කුජ ග්‍රහයා වක්‍රව ගමන් ගන්නා කාලයේදී ජුනි 28සිට අගෝස්තු 8දක්වා වු කාලය ලංකාවටත් ලෝකයටත් සොබාදහමටත් එතරම් හොද කාලපරිච්ඡේදයක් නෙමෙයි. ලංකා කෙන්ද්‍රෙය් තුන්වැන්න සහ දසවැන්න අධිපති කුජ රටේ ලග්නයෙන් 12වැන්නේ විපරීතව ගමන් කිරීම මගින් පෙන්වන පැහැදිළි කාරණය වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය එහි නියමුවන් සම්බන්ධයෙන් නිශේධනීය හෝ සෘණාත්මක බලපෑමක් ඇති කරන බවයි.
සාමාන්‍යයෙන් මේ විපත්තිකර කාලසීමාව මැදට මතභේදාත්මක ජුලි මාසයද ඇතුළත් වීම නිසා එකී මාස තුන ශ්‍රී ලංකාවට හා පාලක පංතියට නින්දක්, සහනයක්, සුවයක් නැති කාලයක් වනු ඇත. දේශපාලනය සමාජමය ගැටුම් මහ මග තෙක් විහිදීම එයින් අපේක්ෂා කළ හැකි දෙයක්. මේ කාලය වන විට රටේ ලග්නයෙන් 11වැන්නේ සෙනසුරුද, රටේ ලග්නයෙන් තුන්වැන්නේ යුරේනස්ද වක්‍රව සිටිනවා. අනෙක් කුමන ග්‍රහයෙකුටත් වඩා කුජ වැනි ග්‍රහයෙකු විපරීත තත්ත්වයකට පත්ව වක්‍රව ගමන් ගැනීම හේතු කොට ගෙන හිංසනමය සහ සාමකාමී නොවු දරදඩු ක්‍රියාකාරකම් ඉහළ යනවා. ඉන් අනතුරුව අගොස්තු 28දා සිට වක්‍ර තත්ත්වයෙන් මිදෙන කුජ ග්‍රහයා නොවැම්බර් මස 6වැනිදා දක්වා මකර ලග්නයේම ගමන් ගන්නවා. කෙටියෙන් කිවහොත් මැයි දෙක සහ නොවැම්බර් හය දක්වා වු කාලය අපේ රටේ දේශපාලන සහ සමාජ සංස්කෘතික ක්ෂේත්‍රෙය් කලබල අධික සමයක් බව ඉතා මැනවින් පෙනී යන දෙයක්. අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට පාලක පාලිත දෙපක්ෂයම වගබලා ගැනීම කළ යුතු දෙයක්. විශේෂයෙන්ම තුන්වැන්න සහ දසවැන්න සම්බන්ධව කුජ ග්‍රහයා 12වැන්නේ ගමන් ගැනීම මෙරට බෝවන රෝග, ස්වභාවික විපත් සහ අනතුරු බහුල කරවනවා. මෙය රටේ ස්ථාවර භාවය සහ ප්‍රතිරෑපය කෙරෙහිද අනර්ථකාරී වෙනවා. මකර රැස තුළ ගිනි, ජල, ගිනි යනුවෙන් සූක්ෂම ශක්ති කළාප තුනක් සංයෝගවන අතර, ඒවා කිසිසේත්ම විපරීත ආකාරයෙන් උත්තේජනය නොවිය යුතු මර්මස්ථාන වෙනවා.මේ අතර දැනටමත් මකරය තුළ ගමන් ගන්නා කේතු සමග කුජ අභ්‍යන්තර සංයෝගයක් ඇති කරගන්නා හෙයින් සෑම සියලු ක්ෂේත්‍රයකින්ම අපිට දැකගත හැකිවන්නේ ගිනියම් වු ස්වභාවයක්. සෑම සියලු තැනකම එකී ගිනියම උද්වේගකර වෙනවා. පාලකයන්ද පාලිතයන්ද, හාම්පුතුන් හා සේවකයින්ද සමාජයේ එකිනකට ප්‍රතිවිරුද්ධ සමාජ ස්ථාරයන්ද අතර උද්වේගකර ස්වභාවය තීව්‍ර වෙනවා. එය ඇත්තෙන්ම ගිනිකාරක ස්වභාවයට යටින් දිවෙන්නා වු කුමන්ත්‍රණ, යටිඋගුල්, පාවාදීම් සහ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හිස ඔසවනු ලබන අවස්ථාවක්. මේ තත්ත්වය කල්තබා අවබෝධ කරගෙන සිහිනුවණින් සහ උපාය ඥානයෙන් යුතුව දූරදර්ශිව කටයුතු කිරීම පාලක පංතියේ ආරක්ෂාවට හේතු වෙනවා.
සමස්තයක් වශයෙන් ගත්කළ කුජ මකර රැසේ ගමන් ගන්නා කාලය සතුටුදායක නොවන නමුත් එකී නොසන්සුන්කාරී කාලපරිච්ඡේදය ඇතුළත හොදින් හෝ නරකින් ඉතිහාසයේ දෛවය ක්‍රියාත්මක වන බව රහසක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙවැනි ග්‍රහාමාරුවක් සිදුවන විට තම තමාගේ ලග්නවලට එය බලපාන්නේ කෙසේදැයි දැනගැනීමට බොහෝ දෙනා රුචිකරනවා. එහෙත් එක් එක් අයගේ ඡන්ම කෙන්දර තුළ කුජ ග්‍රහයා පිහිටා සිටින ආකාරය අනුව මිස සියලු දෙනාටම හොද හෝ නරක ප්‍රතිඵල ලැබෙන බව කියන්න බැහැ. එම කොන්දෙසියට යටත්ව එක් එක් ලග්න හිමියන්ට මෙකී කුජ මාරුව බලපාන ආකාරය පිළිබදව පොදු තත්ත්වය කියන්න පුළුවන්.
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් දසවැන්නේ කුජ ගමන් කරන හෙයින් මේෂ ලග්න හිමියන් තම රැකියාව හා ව්‍යාපරය සම්බන්ධයෙන් ඉතා ඉවසිලිවන්තව ක්‍රියාකළ කරන්න අවශ්‍යයි. අතිධාවනකාරී, උද්දච්ච ස්වරෑපයෙන් ක්‍රියාකරන්නට ගතහොත් ඔවුන්ගේ රැකියා හා ව්‍යාපාර කටයුතු අනපේක්ෂිත අන්දමින් අවාසනාවන්ත තත්ත්වයන්ට ගොදුරු වෙන්න පුළුවන්.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ 7වැන්න සහ 12වැන්න අධිපති කුජ ලග්නයෙන් 9වැන්නේ ගමන් ගැනීම නිසා වෘෂභ ලග්න හිමියන්ට තම ව්‍යාපාර හා රැකියා ස්ථාන ආශ්‍රිතව ස්ථානීය වෙනස්කම් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ සමගම මෙතෙකේ ඔවුන්ට තිබුණා වු දිගුකාලීන පීඩාවකින් නිදහස ලබා නිදහස් මානසීකත්වයක් අත්කර ගැනීමට අවස්ථාවද උදා වෙනවා. සැකවින් කිවහොත් මේ කුජ මාරුව වෘෂභ ලග්න හිමියන්ට වාසි දායකයි.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ 6වැන්න සහ 11වැන්න අධිපති කුජ 8වැන්නේ ගමන් ගැනීම දැලිපිහියෙන් කිරි කන්නාක් බදු අත්දැකීමක්. පරිස්සම සහ ඉවසිලිවන්තව උපාය ඥානයෙන් කටුයුතු කරනවානම් මිථුන ලග්න හිමියාට දිව කපාගන්නේ නැතිව දැලි පිහියෙන් වුවත් කිරි කන්න පුළුවන්. උපායශිලී වුවුහොත් අතුරේ ගියත් ඔහු අනතුරේ වැටෙන්නේ නැහැ. සැකෙවින් කිවහොත් ඇස් නිලංකාර වන අවධානම් දුෂ්කර තත්ත්වන් මධ්‍යෙය් පවා මිථුන ලග්න හිමියාට ජයග්‍රහණ ලබන්න පුළුවන්. එහෙත් ඉවසීම සහ උපාය උපක්‍රම අනුගමනය නොකළහොත් එයම ඔවුන්ගේ විනාශයේ දොරටුව විය හැකියි.

කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් අයට කුජ ග්‍රහයා යනු පස්වැන්න සහ දස වැන්න අධිපතියයි. එකී ග්‍රහයා 7වැන්නේ විපරිතව ගමන් ගැනීම සැනසිලිදායක තත්ත්වයක් ලෙස සිතන්න හොද නැහැ. මෙතෙක් පැවති ජයග්‍රාහී විජයග්‍රාහී ලීලාවෙන් අධිවේගයෙන් යනවා වෙනුවට ගමන් වේගය අඩු කොට හිස පහත් කොටගෙන මේ අවධානම් කාලය පසුකරගත හොත් ඔබට නැවත ජයග්‍රාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර විවාහය සමාජ සම්බන්ධතා ආදීය පිළිබදව ඉවසිලිවන්ත වීම වැදගත් දෙයක්.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ගේ 4වැන්න සහ 9වැන්න අධිපති කුජ 6වැන්නේ විපරීතව ගමන් ගැනීම වාසි දායකයි. එබලය සහ අවේගය ලැබු පමණින් ඒවාට එලෙසටම මුදා හරින්නට උත්සහාගතහොත් එය සමාන වන්නේ ඔබ ඔබේ සාක්කුව තුළම ගිනිදල්වාගත්තා වැනි ක්‍රියාවකට. අවශ්‍ය විටක බලය පාවිච්චි කරනු මිස අනවශ්‍ය ලෙස එය මුදා හැරීම ඔබටම හානි දෙයක්.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපන් අයට කුජ ග්‍රහයා කොහොමටත් හොද ග්‍රහයෙකු නොමෙයි. කෙන්දරයේ 3වැන්න සහ 8වැන්න අධිපති ලග්නයෙන් 5වැන්නේ විපරීතව ගමන් ගැනීම එතරම් සුභ තත්ත්වයක් නොමෙයි. ඔබගේ රැකියාව, ව්‍යාපාරය, ක්‍රියා කෞෂල්‍ය සහ ප්‍රේම සම්බන්ධතා සහ දූදරුවන් අතර ඇති අවබෝධයට එයින් සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් ඇති කරයි. උප්පත්ති කේනදරයේ කුජ ග්‍රහයා කුමන අන්දමේ බලයක් අත්පත් කරගෙන සිටියත් කන්‍යා ලග්න හිමියන් මැයි 2වැනිදා සිට නොවැම්බර් 6වැනිදා දක්වා වු කාලය පරිස්සම් වීම යහපත් දෙයක්. ඔබට කෙතරම් හුරු පුරුදු මාර්ගයක ගමන් කරත් මග දෙපස පරික්ෂා කාරී වන්න ඔබ වගා බලා ගත යුතුයි.
තුළා ලග්නය
තුළා ලග්නයෙන් උපන් අයට කුජ ග්‍රහයා යනු 2වැන්න සහ 7වැන්න අධිපතියාය. එකී ග්‍රහයා විපරීතව ගමන් ගන්නේ ලග්නයෙන් 4වැන්නේය. ඔබගේ සිතුවිලි, ඔබගේ ගෘහමය පරිසරය උද්වේගකර ස්වභාවයකට පත්වෙනවා. මේහේතුකොට ගෙන ක්ෂණික හා වැරදි තීන්දු ගැනීමට ඔබට පොළඹවනවා. ඉදිරි මාස 6ක කාලය තුලදී ඔබ විසින් නොකළ යුතු දෙයද එයයි. ඔබගේ ජිවීතයට හා අන් අයගේ ජිවීත වලට සම්බන්ධ තීරණ ගැනීමේදී ඒ සදහා නුවණැත්තන්ගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් දෙයක්.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ ලග්නාධිපති සහ 6වැන්න අධිපති කුජ 3වැන්නට පත්වීම එක් අතකින් යහපත්. එක් අතකින් අයහපත්. කුජ ග්‍රහයා ඔබගේ ලග්නාධිපති වන හෙයින් සෘජු විපත්තියකට තල්ලු කර නොදමන නමුත් කුජගේ වක්‍ර ගමන් කාලය තුළ ඔබ අතින් ආවේගශීලී, නුවමනා, ගැටුම් ආදීය නිර්මාණය කරවනු ලබනවා. දිගු කාලීනව ගත්කළ ඔබට එය ඉතා අවාසි දායක වෙන දෙයක්. ඉදිරි මාස 6ක කාලයේදී හිස බිමට නැඹුරු කොටගෙන නිහඩව එහෙත් ප්‍රඥාවන්තව ක්‍රියාකළ හොත් ඔබට මෙතෙක් ලබාගත නොහැකිව තිබු අසීරු ඉලක්ක පහසුවෙන් ජය ගැනීමට අවස්ථාව උදා වෙනවා.
ධනු ලග්න
කුජ ග්‍රහයා ධනු ලග්න හිමියගෙන් 5වැන්න සහ 12වැන්න අධිපතියා වෙනවා. එකී කුජ දෙවැන්නේ විපරීතව ගමන් ගැනීම ඔබට හිතකර තත්ත්වයක් වන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබගේ වචන ඔබටම එරහි අවියක් බවට පත්වෙනවා. අලුත් අයෝජන සදහා ඉක්මන් නොවිය යුතු කාලයක්. එහෙත් කුජ ග්‍රහයා වක්‍රව ගමන් ගන්නා කාලයේදී ඔබ තුළ අනවශ්‍ය ආවේග හටගන්නා හෙයින් ඒවා වචන බවට පරිවර්තනය නොකිරීමට වගබලාගන්න අවශ්‍යයි.
මකර ලග්නය
ඔබේ කේන්ද්‍රයේ 4වැන්නත් 11වැන්නත් අධිපති කුජ ලග්න ශිර්ෂය මත ගමන් කිරීම වාසි දායකය. මෙතෙක් කිසියම් පීඩනයකට යටත්ව සිටියානම් එයින් නිදහස ලබනවා. අධිවේගී, අත්තොනමතික ක්‍රියාකාරීත්වයන් ප්‍රකට කරයි. මෙතෙක් ලබා ගැනීමට දුෂ්කරව තිබු අවස්ථාවන් හා අය මාර්ග යහපත් අතට පරිවනර්ථනය වෙනවා. එහෙත් කුජ ග්‍රහයා ඔබේ ලග්න ශිර්ෂය මත වක්‍රව ගමන් ගන්නා කාලය පිළිබවදව සැලකිලි මත්වන්න.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියාගේ 3වැන්න සහ 10වැන්න අධිපති කුජ 12වැන්නේ ගමන් ගැනීම නිසා ඔබගේ අනාගත සැලසුම් ඒ ආකාරයෙන්ම එකී වේගයෙන්ම ඉදචිරියට ගෙන යාමට දුෂ්කරතා මතු වේ. අනපෙක්ෂිත අනතරු හා රෝග පීඩාවන්ද ආර්ථිකමය අලාභ පාඩුද හිමිවිය හැකි නමුත් කුජ ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12වැන්නේ වක්‍රව ගමන් ගන්නා කාලය ඔබට ඉතා වාසි දායක වෙනවා. අවධානම අවාසිය මතින් ජයග්‍රාහණ ලැබීයම නියමිතයි.
මීන ලග්නය
ඔබේ කේන්ද්‍රයේ 2වැන්න හා 9වැන්න අධිපතියා කුජ ග්‍රහයා වේ. එකී ග්‍රහයා ඔබේ ලග්නයෙන් 11වැන්නේ විපරීතව ගමන් ගැනීම ඔබේ ජීවිතය විපරීත භාවයට පත්කරන්නක්. සූදු පිටියකට ගිය අයෙක් වූවද එහි ගිය මොහොතේදීම දිනුම් පිට දිනුම් ලබන නමුත් අවසානයේදී දාදු කැටය කැරකෙන්නේ නොපිටටය. එහි අර්ථය වන්නේ අලුත් දේ දිනාගැනීම කෙසේ වෙතත් ඔබ සතුව දැනට පවතන දේ පවා අහිමි වී යාහැකි තර්ජනයක් මතු වීමයි.. එහෙයින් ක්ෂණික කෙටි වාසිය තකා ජිවිතයේ දිගු කාලීන අරමුණු ඔට්ටුවට තබන්න හොද නැහැ. කෙටි කාලීන පරාජය පිළිගත හොත් ඔබට දිගුකාලීනව විජයග්‍රාහකයෙකු වෙන්න පුළුවන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();