දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාපවල සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අැමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (20) පැවසීය.
මේ යටතේ සංචාරක ආකර්ෂනීය ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති වෙරළ තීරයේ, කඳු ආශ්රිත විවිධ ස්ථාන 20ක විදේශික සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා මෙලෙස නව සංචාරක මුරපොළවල් රැසක් පිහිටුවෙන බව ද අැමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
විදේශිකයින්ට හිරිහැර කිරීම මේවනවිට දිනෙන් දිනෙම වැඩි වෙමින් පැවතීම නිසා සංචාරකයින් ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය සහාය ලබා දීම් වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවෙන බවත්, ඒ සඳහා විදේශීය භාෂා පුහුණුව සහිත නව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව ද අැමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය. පානදුර, කළුතර, බෙන්තොට, හික්කඩුව, උණවටුන, ආරුගම්බේ, සීගිරිය, මීගමුව, ප්‍රදේශ මීට පෙර සිටම වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් හඳුනාගෙන තිබූ අතර මිරිස්ස සහ ඇල්ල ප්‍රදේශයද මේ අතරට අලූතින් එක්ව ඇත.
0 Comments