ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය ඊයේ (20) පෙරවරුවේ ලන්ඩන් නුවරදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවති 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මෙම මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වජිර දිසානායක මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව 2017 මැයි මාසයේදී පොදුරාජ්‍ය මණ්ඩල සෞඛ්‍ය ඇමැතිවරුන් එක්ව සම්මත කැර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්ති රාමුවට එය ඇතුළත් කරන ලදී.
ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් ඊට නායකත්වය ලබා දෙන්නේ ද මහාචාර්ය වජිර දිසානායක මහතායි.
මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේ ප්‍රධාන දේශනය මෝල්ටා උප අගමැති හා සෞඛ්‍ය අැමැති Christopher Fearne මහතා විසින් සිදු කරනු ලැබීය.
මෙම විශේෂ අවස්ථාවට පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Dr Tedros Adhanim ප්‍රකාශ කර තිබෙන්නේ ,ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්රමුඛ අරමුණ වන්නේ ගෝලීය සෞඛ්‍ය සේවාවන් පිළිබඳ අවධානය යොමු කිරීමත්, මූල්‍යමය වශයෙන් අපහසුතාවයක් ඇතිවීමට ඉඩ නොතබා උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවන් ලබා දෙන ලෝකයක් බිහිකිරීම බවත්ය.
පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් Patricia Scotlund මහත්මිය ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය සේවා සහ සත්කාර සේවා සැපයීමේදී ඩිජිටල් සෞඛ්‍ය ක්‍රමවේදය වඩා වැදගත් අංගයක් වන බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments