Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පසුගිය දෙවසර තුළ බොරතෙල් බැරලය ඩොලර් 26කින් නඟී

Author(s): 
ජයසිරි මුණසිංහ

වසර 2016 ජූනි මාසයේ ලෝක වෙළෙඳ පොළේ අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 48.25ක් වූ බොරතෙල් බැරල් එකක මිල මේ වනවිට ඩොලර් 74.54 දක්වා ඩොලර් 26.29කින් වැඩිවී ඇතැයි වාර්තා වේ.

මේ අන්දමට 2016 ජූනි මාසයේ ඩොලර් 48.25ක් වූ බොරතෙල් බැරල් එකක මිල ඉහළ යෑම උච්චාවචනය වෙමින් පැවැති අතර වසර 2017 ජූලි සිට අඛණ්ඩව වැඩිවී ඇතැයි ද ඒ නිසා බොරතෙල් මෙරටට ගෙන්වීමට වැය වූ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද සංඛ්‍යාලේඛන දත්තවලින් මනාව පැහැදිලි වේ.

මේ අන්දමට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළයෑමට සාපේක්ෂව දේශීය වෙළෙඳ පොළේ මිල ගණන් ගැලැපීමට ලෝකයේ බොහෝ රටවල් මිල සූත්‍ර ක්‍රමවේදයක් ඇතිකොට ක්‍රියාකොට තිබේ. දකුණු ආසියානු කලාපයේ පිහිටි ඉන්දියාව, පාකිස්තානය, නේපාලය මිල ගණන් වෙළෙඳ පොළ අනුව තීරණය කරනු ලබයි. ඒ නිසා එම රටවල ඉන්ධන මිල ගණන් ලෝක වෙළෙඳ පොළේ අනුව තීරණය කරනු ලබයි.

වසර 2016 සිට මේ වසරේ අප්‍රේල් දක්වා ලෝක වෙළෙඳ පො‍ෙල් ඉන්ධන මිල සියයට 35.6 ප්‍රතිශතයකින් වැඩිවී ඇත. ඉන්දියාවේ සියයට 27.2 කින් ද, පාකිස්තානයේ සියයට 29.9 කින්ද, නේපාලයේ සියයට 17.7 කින්ද වැඩිවී ඇත.

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ පහළ යනවිට දේශීය වෙළෙඳ පොළේ මිල තීරණය කිරීමේ ක්‍රමවේද භාවිතා කරන රටවල් වාර්ෂිකව ඉන්ධන ගෙන්වීමට කරන වියදම්වල දී අධික පාඩු හිමිනොකර ගන්නා බවටද වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();