ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ උන්නතිය පිළිබඳව ජාත්‍යන්තර සුප්‍රසිද්ධ නයිරාස් සංවිධානය ලබාදී තිබෙන යෝජනා දහය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සහ සාකච්ඡාවක් අංශ ප්‍රධානීන් සිදුකරගෙන යන බව එම ගුවන් සේවාවේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා “දිනමිණ”ට පැවැසීය. “දිනමිණ” කළ විමසීමක දී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ලබාදී තිබෙන යෝජනා ප්‍රතිඵලදායකද යන්න පිළිබඳව මෙහිදී සොයා බැලීමක් සිදුකරනු ලැබේ. අංශ ප්‍රධානීන් විසින් සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය මේ සම්බන්ධව දැනුම්වත් කරවමින් සාකච්ඡා සිදුකරගෙන යනු ලැබේ.


0 Comments