Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ ආරක්ෂාව සියයට සියයක් සහතිකයි

Author(s): 
විජයානි එදිරිසිංහ

රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති කර ආණ්ඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් සිදු කළ කුමන්ත්‍රණය බිඳවැටී මේ වන විට රටේ ආරක්ෂාව සහ සාමය සියයට සියයක් තහවුරු වී ඇති බව නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මහජන ජීවිතයට හිරිහැර බාධා වන සාමය කඩාකප්පල් කැර ජාතීන්, ආගම් අතර භේද ඇතිකරමින් අර්බුද ඇති කරන සියලුම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යටතේ ඇති සියලුම අංශ ශක්තිමත් කෙරේ. ඇමැතිවරයා මේ සියලු අංශවල කටයුතු කෙරෙහි සොයාබලා පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කැර අවශ්‍ය උපදෙස් ලබාදීමට ද පියවර ගැනේ. ජාතීන් අතර ගිනි අවුළුවා එම අර්බුදකාරී තත්ත්වය ඇති කිරීම පිටුපස සිටින සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳව හෙළිදරව් වී ඇති කරුණුවලට අදාළ පරීක්ෂණ වාර්තාව ලැබුණ පසු සාක්කිද ඇති ව ඒ කවුරුන්ද යන්න රටටම හෙළිදරව් කරන බව ද ඇමැතිවරයා ‍කියා සිටියේය. මේ අතර රට සනුසුන් වී ඇති නිසා පනවා ඇති හදිසි නීතිය සහ සමාජ මාධ්‍ය ජාලා තහනම තව දින කිහිපයක් තුළ ඉවත් කෙරේ.

තවමත් එම තහනම ක්‍රියාත්මක කරන්නේ ඊට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් පමණක් බව ද අැමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. සමාජ මාධ්‍ය ජාලය ව්‍යාපාරික, අධ්‍යාපනික සහ පෞද්ගලික කටයුතු සඳහා ද අවශ්‍ය දෙයක් බැවින් සියයට එකක් පමණ වූ ජාතිවාදය වපුරන පිරිසගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා ඒවා තාවකාලිකව නතර කිරීමට හේතු වශයෙන් ඇමැතිවරයා පෙන්ව‍ා දෙයි.

නීතිය, සාමය කටයුතුවලට අදාළ ඇමැතිවරයා වශයෙන් ඉදිරියේදී තාජුඩීන්, ලසන්ත සහ එක්නැලිගොඩ වැනි මෙරට අභිරහස් මිනීමැරුම්වලට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදවීම සම්බන්ධව අදාළ පරීක්ෂණ අංශ මඟින් විමසා බැලීම ඉදිරියේදී සිදු කරනු ලබයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබීමට නිලධාරි හිඟය ඇති බව පෙන්වා දුන් බැවින් එම අවශ්‍ය නිලධාරීන්ගේ අඩුව සම්පූර්ණ කැර ඇත.

ඒවා තවත් ප්‍රමාද වුවහොත් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කැර එම පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගෙන එම පරීක්ෂණවලට අදාළ ඉදිරි පියවර ගැනීමට ද කටයුතු කෙරේ.

ශ්‍රී ලංකා පොලිසියේ කාලයක් එකම තනතුරේ සිට උසස්වීම්, මාරුවීම් සහ වෙනත් ඉල්ලීම් ඉටු නොවූ නිලධාරීන්ගේ එම ප්‍රශ්න විසඳීමට ද ඇමැතිවරයා අදහස් කර තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();