Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චණ්ඩි මල්ලිගේ පුතා සහ ලේලිය යළි රිමාන්ඩ්

Author(s): 
රෝෂන් තුෂාර

බස්රථ රියැදුරෙකුට පහරදීම හා ගිනි අවි පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් හා ඔහුගේ බිරිය ලබන 27 වැනි දින දක්වා යළි රක්ෂිත බන්නාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13) නියෝග කෙළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශණ ඔස්සේ තවදුරටත් පරීක්ෂණ කිරීමට පොලිසියට අවසර දෙමින් නියෝගයක්ද නිකුත් කෙළේය.

පළාත් සභා මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරියට ගිනිඅවි පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ තලංගම පොලිසිය මඟින් පැමිණිල්ල ඉදිරිපත් කැර තිබිණි.

බස් රථ රියැදුරු හා ඇති වූ බහින්බස්වීමකදී මුල් පහරදීම බස් රථ රියැදුරා මඟින් සිදු කළ බැවින් තම ආරක්ෂාවට මෙම ක්‍රියා අනුගමනය කළ බවත් මාලඹේ හන්දියේ සිට කොස්වත්ත හන්දිය දක්වා දෙපිරිස අතර මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වූ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

වගඋත්තරකාර පාර්ශ්වයේ එම කරුණු සාවද්‍ය බවත්, දැනට අනාවරණය වී ඇති කරුණු අනුව කොස්වත්ත හන්දියේදී වගඋත්තරකරුවන් පාර අවහිර කැර සිටීම හේතුවෙන් බස් රථ රියදුරා බැස ඇවිත් කරුණු විමසීමෙන් පසු පහරදීමක් හේතුවෙන් ගැටුම ඇතිවී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කෙළේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සංස්කරණය නොකළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට පොලිසියට අවසර ලබාදෙමින් සැකකරුවන් ලබන 27වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමසීම එතෙක් කල් තැබීය.

තලංගම පොලිසියේ ස්ථානාධිපති අර්ජුන මාහිංකන්ද මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශ පො.ප. චන්ද්‍රසිරි, උ.පො.ප. කුලවර්ධන, පො. සැ. අමරසේන මහත්වරු පැමිණිල්ල මෙහෙයවීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();