Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වජිරා චිත්‍රසේනට සුභ උපන්දිනයක්

 ශ්‍රී ලාංකේය නර්තන කලාව සහ මුද්‍රා නාට්‍ය කලාව දෙස් විදෙස් හී පතල කරමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදු කළ වජිරා චිත්‍රසේන මහත්මියගේ 86 වැනි උපන්දිනය අද (15) යි.

දේශමාන්‍ය චිත්‍රසේනයන් සමඟ එක්ව පැජන්ට් ඔෆ් ශ්‍රී ලංකා, නල දමයන්ති, චණ්ඩාලි වැනි මුද්‍රා නාට්‍ය රැසක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියක් අත් කර දීමට කටයුතු කළ වජිරා චිත්‍රසේන මහත්මිය දේශීය නර්තන කලාවේ තාණ්ඩව හැඩතල කාන්තාවකට උචිත ලෙස වේදිකා ගත කිරීමෙහිලා පුරෝගාමී වුවාය.

ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන් අනන්‍යාතාව රැකෙන පරිදි වර්ධනය කිරීමෙහිලා විසල් මෙහෙයක් ඉටු කළ වජිරා චිත්‍රසේන මහත්මියට “දිනමිණ“ සුභ උපන්දිනයක් සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();