Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරාය සංවර්ධනයට ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය සාමුහික ගිවිසුමකට

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

ලෝකයේ වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය වන ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කිරීම වරාය හා නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (14) සිදු කෙරිණි.

ගිවිසුම් ගත වීමට පෙර සීඒජීටී , සීඅයිසීටි පර්යන්ත පෞද්ගලික රාජ්‍ය හවුල් ගිවිසුම් මත වෙන්ව කටයුතු කළ අතර ජයබහළු පර්යන්තය කොළඹ වරාය මගින් ක්‍රියාත්මක විය.

මෙම සාමූහික ගිවිසුම අනුව පර්යන්ත ත්‍රිත්වයම මින් ඉදිරියට සාමූහිකව බහළු මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහෙයුම් කටයුතු වල කාර්යක්ශමතාවය තව දුරටත් වර්ධනය කර ගැනීම මගින් ඉක්මන් සේවාවක් ලබා දීම මූලික කරගනිමන් මෙසේ ගිවිසුම් ගත වීමට පර්යන්ත ත්‍රිත්වය එකඟතාවයකට පැමිණ ඇත.

එම එකඟතා ගිවිසුම සඳහා ජය බහලුම් පර්යන්ත මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, සී.අයි.සී.ටී පර්යන්තයේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී කැප්රියෝනා ජයසුන්දර, එස්.ඒ.ජී.ටී මෙහෙයුම් අධ්‍යක්ෂ උපාලි ජිනදාස යන මහත්ම මහත්මීහු අස්සන් තැබූහ.

මේ අවස්ථාවට වරාය හා නාවික ඇමති මහින්ද සමරසිංහ ,වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක යන මහත්වරු හා ප්‍ර‍ධාන පෙළේ නැව් නියෝජිතයින් රැසක් සහභාගී වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();