Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව වාහන ලියාපදිංචිය ඊ මෝටරින් සේවාවෙන්

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරගෙන යන නව වාහන ලියාපදිංචිය සහ තවත් කටයුතු රැසක් ඊ මෝටරින් සේවාව ඔස්සේ පෞද්ගලික අංශයක් හරහා සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඊ මෝටරින් සේවාව යෝජනා වී තිබුනේ මීට වසර ගණනාවකට පෙරය. එහෙත් එම ක්‍රමය තවදුරටත් ප්‍රමාද වෙමින් පැවතුනි.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දින වේරහැර පිහිටි රියැදුරු බලපත් කාර්යාලයට ගිය අවස්ථාවේදී ඊමෝටරින් සේවාවේ අවශ්‍යතාවය දැඩි සේ පෙන්වා දී එම ක්‍රමය ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දී ඇත.

රියදුරු බලපත් මුද්‍රණයද මේ වන විට සිදු කෙරෙන්නේ පෞද්ගලික ආයතනයක් මඟින් වේ.

මීට අමතරව වාහන ලියාපදිංචිය, වාහනවල අංක තහඩු මුද්‍රණය බර කිරීම සහ ඊට අදාළ සෙසු කටයුතුද ඊ මෝටරින් හරහා සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතී.

දැනට නව වාහන ලියාපදිංචිය නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදුවෙයි. වසරකට වාහන හතළිස් දහසක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අලුතින් ලියාපදිංචි කෙරේ. ඉන් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ වෙයි. මේ සෑම වාහනයකටම අංක ලබා දෙන්නේ එම කාර්යාලයෙන් පමණි. දෙපාර්තමේන්තුවේ එම වාහන ලියාපදිංචි කරන වෙනම අංශ ‍තිබේ.

රජයට විශාල ආදායමක් ලබා දෙන ප්‍රධානම රාජ්‍ය ආයතන කිහිපය අතරින් ප්‍රධාන තැනක් ගන්නේ මෝටර්රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුවයි.

ඊ මෝටරින් ක්‍රමය හරහා එම දෙපාර්තමේන්තු කටයුතු කඩිනම් කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();