Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වී මිළදී ගැනීමට රජයේ ගබඩා 200 ක් සූදානම්

මහ කන්නයේ වී අස්වැන්න මිළදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින වී ගබඩා 200 ක් සුදානමින් පවතින බවත් රජයේ සහතික මිල වන නාඩු රුපියල් 38 ටද සම්බා රුපියල් 41 කටද මිලදී ගැනීම සදහා කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක පවසයි.

නමුත් රජයේ සහතික මිලට වඩා පෞද්ගලික අංශය ගොවීන් වෙත වැඩි මිලක් ලබා දෙන බැවින් ගොවීන් වී අලෙවි මණ්ඩලය වෙත වී අලෙවි නොකරන මට්ටමක පවතින බව ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

එසේ වුවද ගොවීන් වී රැගෙන පැමිණෙන ඕනෑම අවස්ථාවකදී වී මිලදී ගැනීමට සුදානමින් සිටින ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් උපදෙස් ලබා දී ඇත.

අද (14) වන විට නැගෙනහිර පළාත තුළ වී මෙට්‍රික් ටොන් 200 ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් බවත් මෙවර මහ කන්නය සදහා රජය වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බවත් මෙම මස (මාර්තු ) 15 දා වන විට දකුණු පළාත තුළද වී මිලදී ගැනීම ආරම්භ කළ හැකි බවත් වී අලෙවි මණඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත බණ්ඩාර පවසයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();