Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ඉරිදා නුවරඑළියේ තුරඟ තරගාවලිය මහ ඉහළින්

එළැඹෙන පාස්කු ඉරිදා විශේෂ උත්සවය වෙනුවෙන් නුවරඑළිය රාජකීය තුරඟ සමාජය “ සන්ඩේ රේසිං බොනැන්සා” තුරඟ තරගාවලිය අප්‍රේල් 1දා පවත්වයි. වසන්ත සමයේ තුරග තරගමාලාවේ දෙවැනි අදියර ලෙස පැවැත්වෙන මෙයට අශ්වයන් 39ක් පමණ එක්වීමට නියමිතය. මෙයට අමතරව අප්‍රේල් 15 හා 28 යන දිනවලදී තවත් තරගාවලි දෙකක් රාජකීය තුරඟ සමාජය සංවිධානයට පියවර ගෙන ඇත.

නුවරඑළිය තුරඟ තරග පවත්වන ක්‍රීඩාංගණය තුළ පෙරට වඩා පහසුකම් රාශියක් නිර්මාණය කිරීමට රාජකීය තුරඟ සමාජය පියවර ගෙන ඇති අතර ජයග්‍රාහකයන්ට මිලියන ගණනින් මුදල් ප්‍රදානය කෙරේ. මෙවර සියලුම තුරඟ තරගාවලි සඳහා අංක එකේ තුරඟයන් තරග වැදීමට නියමිතය.

පසුගිය වසරේදී පැවැති තුරග තරග 89කදී රුපියල් මිලියන 25.1ක මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමුණු අතර මෙවර ද ඒ හා සමාන මුදල් ත්‍යාග හිමිකර දීමට රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා ඇත.

නුවරඑළිය රාජකීය තුරග තරගාවලිය උදෙසා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව සිටී.

මේ වසරේ තුරග තරගමාලාවේ පළමු අදියෙර්දී මහ ඇමති අභියෝගතා කුසලානය දිනා ගැනීමට දීප්තිකා ජයකොඩි මෙනවියගේ අල්කසබා අශ්වයා සමත් වූ අතර අශ්වාරෝහක ලෙස එස්.දයාලන් කටයුතු කළේය. එම තරගයේ දෙවැනි ස්ථානය, පාර්ශුරාම් අශ්වයාට හිමි වූ අතර බ්‍රිලියන්ට් කට් අශ්වයා එහි තෙවැනි ස්ථානයට පත් විය. මෙම තරගාවලියට සමගාමීව සංගීත ප්‍රසංග හා විනෝදාස්වාද ක්‍රීඩා සංවිධාන කිරීමට රාජකීය තුරග සමාජය පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();