මුහුදු ළිහිණින්ගේ සටන නමින් හැඳින්වෙන් කටුනේරිය සාන්ත සෙබස්තියන් මහ විදුහල් ක්‍රිකට් කණ්ඩායම සහ මීගමුව සාන්ත පීතර මහ විදුහල් ක්‍රිකට් කණ්ඩායම අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය ලබන මස 1 සහ 2 යන දෙදින කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.
හත්වැනි වරටත් පැවැත්වෙන මේ තරගය 2012 වසරේ දී මේ විදුහල් දෙක අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් විදුහල් දෙකේ විදුහල්පතිවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අරතුරුව ආරම්භ කෙරිණි.
අශේන් චාරුක පෙරේරාගේ නායකත්වයෙන් හා හේෂාන් උදාර ප්‍රනාන්දුගේ උප නායකත්වයෙන් සාන්ත සෙබස්තියන් විදුහල තරගයට එක්වන අතර ඉසුරු උත්පල සාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරයි. සනිදු මධුසංඛ එහි උප නායකයායි.
මෙතෙක් පැවැති තරග 6 තුන බැගින් ජය ගනිමින් දෙපිලම කරට කර සටන නිතරව සිටින අතර පසුගිය වසරේ අවසන් ජය වාර්තා කළේ සාන්ත සෙබස්තියන් විදුහල් පිල විසිනි.
මෙවර තරග වාරයේ දෙවැනි කොටසේ තරග 13කට සහභාගිවෙමින් පූර්ණ ජයග්‍රහණ 6ක් අත්කර ගැනීමට සෙබස්තියන් පිල සමත්ව ඇති අතර දෙදින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටද සමත්ව සිටී. සාන්ත පීතරයෝ දෙවැනි කොටසින් තරග වදිති. පාසල් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී සා.සෙබස්තියන් පිල හමුවේ පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවත් වීමට සා.පීතර විදුහලට සිදුවිය. ඔවුන් තරග 14කට සහභාගීවෙමින් පූර්ණ ජයග්‍රහණ 3ක් ලබාගෙන තිබේ.
දෙපිලම දක්ෂ තුන් ඉරියව්වෙන් ක්‍රීඩකයන් රැසක් සිටින නිසා මෙවර තරගයේ දී සුවිශේෂ දක්ෂතාවන් පෙන්වමින් තරග ජය තමන් සතු කර ගැනීම පිණිස දෙපිලම කරට කර සිටින ලෙසින් තරග කරණු ඇති බව විශ්වාස කෙරේ.
මේ විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ඕවර 50 ක්‍රිකට් තරගය අප්‍රියෙල් මස 6 වැනි දින මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.
මීගමුව සාන්ත පීතර විදුහල් පිල - ඉසුරු උත්පල (නායක), සනීදු මදුසංඛ (උප නායක), උමේශ් ලක්ෂාන් කුරේරා, තිසර මදුවන්ත, දිනෙත් නාත්සර, පසිදු නවෝද්, ෂෙහාන් මලීෂ, ඩබ්.බ්‍රයන් ජුලියන්, එච්.කේ.රුවන් සලිත, මොහොමඩ් පව්සාන්, ලලිත් නිසල්ක පිරිස්, චානුක නිමේෂ්, හිරුෂ ෂමෝද්, අසිත ස්ටීවන්, ප්‍රමෝද් කවිදු, රුචිර අවිශ්ක, ශාලුක තිළිණ.
කටුනේරිය සාන්ත සෙබස්තියන් මහා විදුහල් පිල - අශේන් චාරුක පෙරේරා (නායක), හේෂාන් උදාර ප්‍රනාන්දු (උප නායක), කවිදු රනේශ් ප්‍රනාන්දු, ඩිල්ෂාන් ප්‍රමෝද්, ශෙහාන් ධීමන්ත සිල්වා, රශ්මික උදාර මෙන්ඩිස්, සන්දීස් මධුශාන්, අශේන් අභිෂේක් ප්‍රනාන්දු, ෂෙවෝන් ජොනතන් ප්‍රනාන්දු, සිතුම් අකලංක, ඩිල්ශාන් මධුසංඛ, මිහිහර දෙනුවන්, සුමිත්ත ඩිල්ශාන් වනිගසේකර, සංදීප් සලින්ද, තිමිර අභිෂේක් ප්‍රනාන්දු, රවිදු දිල්ශාන්, දමිත් කෝසල.



0 Comments