අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ ධර්මාශෝක විදුහල අතර 51 වැනි වරට පැවැත්වෙන ‘සුනිල සංග්‍රාමය’ 51 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන මස 1-2 දෙදින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2016 වසරේ සිට මේ වනවිටත් නවීකරණ කටයුතු සඳහා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩා පිටිය වසා දමා තිබීම හේතුවෙන් මෙවරද තරගය මොරටුවේදී පැවැත්වීමට සිදුව තිබේ.
මෙවර තරගයේදී ශ්‍රී දේවානන්ද පිල තුන් ඉරියව් ක්‍රීඩක සචිඳු උද්දීපන මෙහෙයවන අතර නිමේෂ් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් ධර්මාශෝක විදුහල තරග බිමට පිවිසෙයි.
1963 වසරේ ආරම්භ වූ මේ සුනිල සංග්‍රාමයේ මෙතෙක් පැවැති තරග අතුරින් 10ක් ජය ගනිමින් වැඩි ගෞරව අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත්ව ඇති අතර දේවානන්ද විදුහල ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ඉතිරි තරග 39 ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. වසර 1967 සිට 70 දක්වාත්, 2002 හා 2014දීත් මේ තරගය පවත්වා නැත. ධර්මශෝක විදුහල 2013 වසරේදී යොහාන් ද සිල්වාගේ නායකත්වයෙන් අවසන් වරට මේ තරගය ජයගෙන ඇති අතර දේවානන්ද විදුහල් ජයග්‍රහණය වාර්තා වී ඇත්තේ 1966 වසරේ එන්.යූ.අමරදාසගේ නායකත්වයෙනි.
මෙවර පාසල් තරග වාරයේ තරග 14කට සහභාගිවූ දේවානන්ද විදුහල ඉන් තරග 6ක් පූර්ණ ජයග්‍රහණයන්ට පරිවර්තනය කර ගෙන තිබේ. ඔවුන් හමුවේ කෑගලු විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න, හොරණ තක්ෂිලා, දෙහිවල එස් ද එස් ජයසිංහ හා කරන්දෙණිය මධ්‍ය විදුහල පරාජයට පත්ව තිබේ.
ධර්මාශෝක විදුහල මෙවර තරගවාරයේ තරග 12කට සහභාගිවී ඇති අතර මොරටුව විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයක්ද, මාතර සාන්ත තෝමස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක්ද වාර්තා කර තිබේ.
දෙපිලේ පුහුණුකරුවන් ලෙස සුරාජ් සංජීව, සාගර ධනංජය, රෝහණ චන්ද්‍රකාන්ත යන මහත්වරු කටයුතු කරති.
මෙවර තරගය සඳහා අම්බලන්ගොඩ ගීත්මි ක්‍රීඩා භාණ්ඩ ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ධර්මාශෝක විදුහල් පිල - නිමේෂ් මෙන්ඩිස් (නායක), දනුක දිල්ශාන් (උප නායක), උෂාන් නිමන්ත, රවිඳු ශාන්ත, කවිඳු නදිශාන්, මොහාන් අරෝශණ, සචින් සංගීත්, අකිල මෙන්ඩිස්, ශාන්ත කරුණාරත්න, අකිල දිල්ශාන්, මල්ශික මෙන්ඩිස්, ඔමිඳු දිල්ශාන්, පසිඳු මල්ෂාන්
දේවානන්ද විදුහල් පිල - සචිඳු උද්දීපන (නායක), සොහාන් දි ලිවේරා (උප නායක), සජිත් මධුෂාන්, විකුම් උදාර, කවිඳු රාජපක්ෂ, නිමේෂ් සත්සර, දසුන් ධනංජය, හේෂාන් මිලක්ෂ, බිවිඳු ජීවන්ත, සදුන් ධනංජය, අංජන කෞෂාල්, ප්‍රවීන් අවිෂ්ක. සසිඳු මධුෂංක, චමිඳු අනුෂ්ක, පසිඳු ධනංජය, බුුද්ධි එරංදික, මලිත්ත මෙන්ඩිස්

ගාල්ල දිස්ත්‍රික් සංචාරක
ධර්‍මදාස සිරිවර්ධන


0 Comments